තායිලන්ත පොලීසිය පන්සලක් වටලයි

Image copyright Getty Images
Image caption ප්‍රා ධම්මඡායෝ හිමියන්ගේ ආධාරකරුවෝ විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක යදී සිටිති

අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම පිණිස මාස ගණනක් තිස්සේ සැඟවී සිටින බෞද්ධ භික්ෂුවක් සෙවීම පිණිස තායිලන්ත ආරක්‍ෂක හමුදා බැංකොක් නගරයට අසන්න බෞද්ධ විහාරස්ථානයක් පරීක්‍ෂාවට ලක් කළහ.

මුදල් විශුද්ධිකරණය සහ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් දේපළ අත්පත් කරගැනීමක් සම්බන්ධව හිටපු විහාරස්ථානාධිපති හිමිනමක් වන ප්‍රා ධම්මඡායෝගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව තායිලන්ත පොලීසිය පවසයි.

එම භික්ෂුවට හිතවාදී පිරිස් පවසන්නේ අදාළ චෝදනාවලට දේශපාලන අවශ්‍යතා පසුබිම් වී ඇති බවය.

Image copyright Getty Images
Image caption රජය විසින් විහාරස්ථානය හමුදා පාලනය යටතට පත්කරනු ලැබීමෙන් පසු ආරක්‍ෂක හමුදා ප්‍රමුඛ දහස් ගණනක් පොලිස් නිලධාරීහු එය වැටලූහ

රජය විසින් විහාරස්ථානය හමුදා පාලනය යටතට පත්කරනු ලැබීමෙන් පසු ආරක්‍ෂක හමුදා ප්‍රමුඛ දහස් ගණනක් පොලිස් නිලධාරීහු එය වැටලූහ.

පසුගිය වසරක කාලය තුළ අදාළ භික්‍ෂුවගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය කිහිපවරක්ම උත්සාහකළද අසාර්ථක වී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්