මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සුෆි බැතිමතුන් හැත්තෑවක් මරුට

Image copyright Alamy
Image caption සුෆි බැතිමතුන්

පාකිස්තානයේ මහත් ප්‍රසිධියක් දරණ සුෆි පුදබිමක එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යටත් පිරිසෙයින් හැත්තෑ දෙනකුවත් මරා දැමුණි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයා පිපිරීම සිදුකරගත් මොහොතේ සින්ද් ප්‍රාන්තයේ පිහිටි සුෆි පුදබිම බැතිමතුන්ගෙන් පිරී තිබුණි.

ප්‍රහාරය එල්ලවෙත්ම එහි සිටි පුද්ගලයන් කලබලවී දිවයද්දී බිම වැටී පයට පෑගීමට ලක්වූ බවත් පැවසෙයි.

එම ප්‍රහාරයේ දී පුද්ගලයන් සියගණනක් තුවාල ලබා සිටින අතර, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහල් පහසුකම් ප්‍රදේශය තුළ නැති නිසා වෛද්‍යවරු අපහසුතාවට මුහුණ දී සිටිති.

Image copyright AP
Image caption තුවාලකරුවන් රෝහලට

මරණයට පත් සංඛ්‍යාව තවත් වැඩි වීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරු පවසති.