ක්‍රිස්තිනා කුමරියට ඩොලර් දෙලක්ෂ පනස් දහසක දඩයක්

Image caption ක්‍රිස්තිනා කුමරිය සහ ඇයගේ සැමියා

දූෂණ සිදුකිරීමෙන් සිය සැමියා විසින් රජයට කරන ලද අලාභහානි වෙනුවෙන් ස්පාඤඤයේ පිලිප් රජතුමාගේ සොහොයුරිය වන ක්‍රිස්තිනා කුමරිය ඩොලර් දෙලක්ෂ පනස් දහසකට අධික දඩ මුදලක් ගෙවිය යතුව ඇතැයි එරට අධිකරණයක් තීන්දු කරඇත.

ක්‍රිස්තිනා කුමරිය ඇයට එරෙහි දූෂණ චෝදනා වලින් නිදහස් කෙරෙන නමුත් ඇයගේ සැමියා එම චෝදනාවලට වරදකරු වනබව අධිකරණයේ තීන්දුව විය.

1975 දී ස්පාඤඤ රාජ්‍යත්වය යළි ස්ථාපිත කරනු ලැබීමෙන් අනතුරුව රජ පවුලේ සාමාජිකයකු අධිකරණය ඉදිරියට කැඳවන ලද පළමු වතාව මෙයයි.

ක්‍රිස්තිනා කුමරියගේ සැමියා දූෂණ, වංචා සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වැරදිකරු වනබව තීන්දුකළ අධිකරණය ඔහුට සය වසරක සිරදඬුවමක් නියම කළේය.

එහෙත් සිය සැමියාට එරෙහිව අධිකරණය වැරදි තීන්දුවක් දී ඇත යන්න කුමරියගේ විශ්වාසය බව ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් පවසයි.

ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම සඳහා පලාත් පාලන ආයතනවලින් විශේෂ කොන්ත්‍රාත් ලබාගැනීම පිණිස ක්‍රිස්තිනා කුමරියගේ සැමියා රජ පවුල සමග ඇති සිය සම්බන්ධය පාවිච්චි කරන ලද බව ඔහුට එරෙහි චෝදනා මගින් පැවසුනි.