විහාරස්ථානයෙන් ඉවත්වන ලෙසට බැතිමතුන්ට නියෝගයක්

Image copyright Getty Images
Image caption පොලිස් භටයන් දහස් ගණනක් 'ධම්මකායා' විහාරස්ථානය වැටලූහ

තායිලන්තයේ විශාලතම බෞද්ධ විහාරස්ථානය තුළ සිටින බැතිමතුන් සියලුදෙනාට එම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස තායි පොලිසිය නියෝග කරයි.

දස දහසකට අධික බැතිමතුන් පිරිසකට එම නියෝගය නිකුත් කෙරුණේ එහි හිටපු විහාරාධිපති ප්‍රා ධම්මඡායෝ හිමි අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහකරමින් සිටියදී ය.

මුදල් විශුද්ධිකරණයෙන් සහ නීත්‍යනුකූල නොවන ආකාරයෙන් දේපළ අත්පත් කරගැනීමෙන් ඩොලර් මිලියන ගණනක් උපයාගෙන ඇතැයි මෙම හිමිනමට චෝදනා එල්ලවී තිබේ.

Image copyright Getty Images
Image caption ධම්මකායා විහාරස්ථානය

පසුගිය සතියේදී පොලිස් භටයන් දහස් ගණනකගෙන් යුත් කණ්ඩායමක් 'ධම්මකායා' විහාරස්ථානය සොදිසිකළ නමුත් අදාළ හිමිනම සොයා ගැනීමට නොහැකි විය.

එම භික්ෂුවට හිතවාදී පිරිස් පවසන්නේ අදාළ චෝදනාවලට දේශපාලන අවශ්‍යතා පසුබිම් වී ඇති බවය.

පසුගිය වසරක කාලය තුළ අදාළ භික්‍ෂුවගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය කිහිපවරක්ම උත්සාහකළද එය අසාර්ථක වී තිබුණි.