2016 භීතියේ සහ වෛරයේ වසරක් - ඇම්නෙස්ටි ජාත්‍යන්තරය

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ වාර්තාව මගින් රාජ්‍ය නායකයන් කීපදෙනකු දෝෂදර්ශනයට ලක්කරයි
ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත.
එම නායකයන් ප්‍රජාව අතර ඇතැම් ජන කණ්ඩායම්වලට වැරදි පටවමින් අමානුෂික ලෙස ඔවුන් ගොදුරුකර ගැනීමේ නපුරු වැඩපිළිවෙලක් තුළ කටයුතු කරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලය අල්ලා ගත් 1930 දශකයෙන් අනතුරුව, ලෝකය තුළ භීතිය සහ වෛරයේ කුරිරු කතන්දර දරුණු මට්ටමින් වාර්තා වූ වසර 2016 බව ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවේ දැක්වෙයි.
ඇම්නෙස්ටි තොරතුරු ප්‍රකාශයට පත්කරමින්
වර්ගවාදයට සමාව දීම සහ සමලිංගිකයන් නොරිස්සීමේ පිළිවෙත ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂදර්ශනයට ලක්වෙයි.
තවදුරටත් කරුණු පැහැදිළි කරන ඇම්නෙස්ටි වාර්තාව, ලෝකයේ ආණ්ඩු දේශපාලන අරමුණු සඳහා අනාථයන්ගේ ප්‍රශ්නය පාවිච්චි කරන බවත් පෙන්වා දෙයි.
ඒම වාර්තාව සම්බන්ධයෙන් ධවල මන්දිරය තවමත් ප්‍රතිචාරය පළකර නැත.