තෙලන්ගානා මහඇමති රන් පූජාවට විපක්ෂයේ විරෝධය

මහඇමති චන්ද්‍රසේකර් රාඕ
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ මහඇමති චන්ද්‍රසේකර් රාඕ විසින් ඩොලර් හත්ලක්ෂ පනස් දහසක් වටිනා රන් ආභරණ හින්දු කෝවිලකට පූජා කරනු ලැබීම දැඩි විවේචනයකට ලක්වෙමින් පවතී.
වටිනා රන්මාලයක්, රන්මල්දමක් සහ නාස් පළඳනාවක් මහඇමතිවරයා විසින් එම සුප්‍රකට හින්දු කෝවිලට පූජා කරනු ලැබ ඇත.
මහඇමති චන්ද්‍රසේකර් රාඕ එම රන් පූජාව සිදුකර තිබෙන්නේ ඉන්දියානු ආණ්ඩුව තෙලන්ගානා ප්‍රාන්තය නිර්මාණය කරනු ලැබීම සම්බන්ධයෙන් දෙවියන්ට තුටු පඬුරු හැටියටයි.
තෙලන්ගානා ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තයයි.
ඉන්දියාවේ හින්දු කෝවිලක දර්ශනයක්
ප්‍රාන්ත මහඇමතිවරයා විසින් සිදුකරන ලද රන්පූජාව මහජන මුදල් අනිසි ආකාරයට පාවිච්චි කිරීමක් හැටියට තෙලන්ගානා විපක්ෂයේ විවේචනයට ලක්වෙයි.
මහඇමති චන්ද්‍රසේකර් රාඕ පසුගිය නොවැම්බර් මාසයේ වෙඩි නොවදින නාන කාමරයක් සහ සිනමා ශාලාවක් ඇතුළත් අලුත් නිවසක පදිංචිය ආරම්භ කළේය.