මොසූල් ගුවන් තොටුපොළ ඉරාක් හමුදා අතට

ඉරාක් හමුදාවේ ප්‍රහාරක රථපෙළක්
මොසූල් ගුවන් තොටුපොළ තමන් අතට පත්වූ බව ඉරාක් හමුදාව පවසයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් මොසූල් නගරයෙන් නෙරපා හැරීමේ සටනේ දී එම ගුවන් තොටුපොළ මූලෝපායික වශයෙන් වැදගත් භූමියකි.
IS කැරලිකරුවන් නගරයට ඔබ්බෙහි ඔවුන්ගේ පාලනය පවතින ස්ථානවල සිට දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඉරාක් හමුදාව සමඟ ගමන් ගනිමින් සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසයි.
ගුවන් තොටුපොළ අසල ගිනිගනිමින් ඇති සීනි කම්හලක්
ඇමෙරිකානු නායකත්වයෙන් යුත් යුද සන්ධානයේ ගුවන් ප්‍රහාරවල ආධාරය ද ඇතිව කාලතුවක්කු සහ යුද්ධ ටැංකි ප්‍රහාර එල්ල කරමින් පැය කීපයක් ඇතුළත ගුවන් තොටුපොළ අත්පත් කර ගැනීමට ඉරාක් හමුදාව සමත් විය.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අත පවතින අසල පිහිටි තවත් විශාල යුද කඳවුරකට ද ඉරාක් හමුදාව පහර එල්ල කරන ලද බව වාර්තාවෙයි.
ඉරාක් හමුදා මේවනවිට මොසූල් නගරයේ නිරිතදිග සීමාව ආසන්නයටම ලංවී සිටින අතර, අසල පිහිටි ජනාකීර්ණ කලාපවල සිට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම IS කැරලිකරුවන්ගේ මීලඟ සැලැස්මයි.
අසල පිහිටි තවත් IS කඳවුරකට ප්‍රහාරයක්