ලොව 'ලාබම' දුරකතනය: සමාගමේ ප්‍රධානියා අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝකයේ ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය නිෂ්පාදනය කළ බව පවසන සමාගමේ අධ්‍යක්ෂකවරයා මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.
රිගින්ග් බෙල්ස් (Ringing Bells) සමාගමේ නිෂ්පාදිත ෆ්‍රීඩම් 251 (Freedom 251 ) දුරකතන මාදිලිය ඉන්දීය රුපියල් 251 වැනි සුළු මුදලකට අලෙවිවේ.
ඉන්දීය රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් ගෙවා ඇණවුම් කරන ලද දුරකතන තමන් වෙත ලබා නොදුන් බව පවසමින් අලෙවි නියෝජිතයෙක් එල්ල කළ චෝදනාවකින් අනතුරුව සමාගමේ අධ්‍යක්ෂක මොහිත් ගොඑල් අත්අඩංගුවට ගනු ලැබිණ.
සිය මුදල් ආපසු ලබා දෙන ලෙස කළ ඉල්ලීමෙන් අනතුරුව තම කාර්ය මණ්ඩල සේවකයන් වෙත මරණ තර්ජන එල්ල වී ඇති බවත් අලෙවි නියෝජිත වෙළඳ ආයතනය පවසයි.
රිගින්ග් බෙල්ස් සමාගමේ අධ්‍යක්ෂක මොහිත් ගොඑල්
ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාවේ ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කෝටි සියයක් පමණ වෙයි.
අඩු පිරිවැයක් සහිත ජංගම දුරකතන ඉන්දීය වෙළඳපොළ තුළ බහුලව අලෙවි වේ.