ස්ටොක්හෝම් ප්රහාරය : අයෙකු අත්අඩංගුවට
ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර වෙළෙඳසලක් වෙත ට්රක් රියක් ධාවනය කරවීමේ සිද්ධියේදී අවම තරමින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
පෙනෙන්නට ඇති ආකාරයට මෙය ත්රස්තවාදී ක්රියාවක් බවට සැළකිය හැකි යැයි පැවසූ ස්වීඩන අගමැතිවරයා තම රට ප්රහාරයකට ලක්ව ඇති බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අගමැතිවරයා පැවසීය.
ස්ටොක්හෝම් හි ට්රක් රිය ප්රහාරයක්? : "3ක් මරුට"
නගරයේ ප්රධාන පෙලේ වීථියක මේ සිදුවීම හටගත් අතර නගරයේ තවත් දෙසකින් වෙඩි හඬ ඇසුණු බව ආරක්ෂක මුලාශ්ර උපුටා දක්වන බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්රෑන්ක් ගෝර්ඩන් පැවසීය.
එහෙත් එම සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධදැයි අනාවරණය වී නැත.
මේ අතර ස්වීඩනයේ 'සපෝ' ඔත්තු සේවය උපුටා දක්වන ඒඑෆ්පී පුවත් සේවය පැවසුවේ, මෙය සැලසුම් සහගතව එල්ලකරන ලද ප්රහාරයක් බවය.