ස්ටොක්හෝම් ප්‍රහාරය: සැකකරු උස්බෙකිස්තාන් ජාතිකයෙක්
ස්ටොක්හෝම් අගනුවර මාරාන්තික ලොරි රථ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා උස්බෙකිස්තාන් ජාතිකයකු හැටියට ස්වීඩන් බලධාරීන් විසින් හඳුනා ගනු ලැබ ඇත.
ඔහු ප්‍රහාරයට යොදාගත් රථයේ රියදුරා බව පොලීසිය පවසයි.
ස්වීඩනයේ ජනමාධ්‍ය වාර්තාකළේ අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 39ක උස්බෙකිස්තාන් ජාතිකයෙකු බවය.
පැහැරගනු ලැබූ ට්‍රක් රථය ස්ටොක්හෝම් නගරයේ වෙළඳ සංකීර්ණයක් තුළට ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් තවත් පහළොස් දෙනෙකුට තුවාල සිදුවිය.
ලොරි රථය තුළින් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවට පළවන වාර්තා ස්වීඩන් පොලිසිය විසින් සනාථ කර නැත.
එසේම මේ සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහු ප්‍රහාරයට සම්බන්ධ බවක් තවමත් සනාථ වී නැති බව වාර්තාවේ.