මොනවද මේ ඊස්ටර් බිත්තර?

මොනවද මේ ඊස්ටර් බිත්තර?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊස්ටර් හෙවත් පාස්කු මංගල්‍ය යනු යේසුස්වහන්සේ මරණයෙන් උත්ථානවීම සමරනු ලබන කිතුනු උත්සවයකි.

බයිබලයට අනුව යේසුස්වහන්සේ මහා සිකුරාදා කුරුසයේ දී මරණයට පත්ව ඇති අතර යළි ජීවය ලබන්නේ දින තුනකට පසුවය.

වසන්තයේ පුර හඳ උදාවන දිනය අනුව මාර්තු 21 සහ අප්‍රේල් 25 යන කාලය තුළ පාස්කු දිනය යෙදෙයි.

පාස්කු මංගල්‍ය සමය සමග අසාමාන්‍ය චාරිත්‍ර බැදී පවතී.

මොනවද මේ ඊස්ටර් බිත්තර?

බටහිර රටවල බොහෝ දෙනා පාස්කු මංගල්‍ය සමයේ චොකලට් බිත්තර අනුභව කරති.

පාස්කු මංගල්‍ය දිනට පෙර සතියේ බිත්තර ආහාරයට ගැනීම අතීතයේ අකැප විය.

එම කාලය තුළ දමන ලද බිත්තර සුරැකිව තබා සරසන ලදුව 'ශුද්ධ වූ සතියේ බිත්තර' ලෙස දරුවන්ට තෑගී කෙරිණි.

සැටින් රෙදිවලින් ආවරණය කළ කාඩ්බෝඩ් බිත්තර තුළ පාස්කු තෑගි තැන්පත් කිරීමේ චාරිත්‍රය වික්ටෝරියානුවෝ ආරම්භ කළහ.

චොක්ලට්වලින් සැකසූ ඊස්ටර් බිත්තර?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

19 වන සියවසයේ දී චොක්ලට්වලින් සැකසූ ඊස්ටර් බිත්තර ප්‍රංශයේ සහ ජර්මනියේ පළමු වරට දැකගත හැකි විය.

එම චොකලට් බිත්තර තිත්ත රසකින් මෙන්ම දැඩි බවකින් යුක්ත විය.

චොක්ලට් සැකසීමේ තාක්ෂණික ක්‍රමවේද දියුණු වීමත් සමග අදවන විට වෙළෙඳපොළේ දැකගත හැකි ආකාරයේ අභ්‍යන්තර කුහර සහිත චොකලට් බිත්තර බිහි විණි.

එම චොකලට් බිත්තර ඉතා ජනප්‍රියත්වයට පත් වූ අතර අදටත් එම ජනප්‍රියත්වය එලෙසම පවතී.

ඊස්ටර් හාවා?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාස්කු හාවාගේ කතාන්දරය දහනව වෙනි සියවසේදී සාමාන්‍ය තත්වයක් බවට පත්විය.

හාවුන් සාමාන්‍යයෙන් පැටවුන් ගණනාවක් බිහි කරන අතර ඔවුන් නව ජීවයක සංකේතයක් බවට පත් විය.

නව ජීවයක සංකේතයක් ලෙස සැළකෙන බිත්තර දමන හාවෙකු ඒවා සරසා සඟවන බව පුරාවෘත්තවල කියවේ.

නමුත් ස්විට්සර්ලන්තයේ පුරාවෘත්තවලට අනුව එවැනි හාවුන්ගේ බිත්තර ප්‍රවාහනය කරනු ලබන්නේ කොවුලෙකු විසිනි.

පුරාවෘත්තවලට අනුව ජර්මනියේ ඇතැම් ප්‍රදේශවල එම කාර්ය කරනු ලබන්නේ නරියෙකු විසිනි.