"පලායමින් සිටින සරණාගතයන්ට එල්ලකළ අධම ප්‍රහාරය"

"පලායමින් සිටින සරණාගතයන්ට එල්ලකළ නවතම - අධම ප්‍රහාරය"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

"පලායමින් සිටින සරණාගතයන්ට එල්ලකළ නවතම - අධම ප්‍රහාරය"

සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය අති උත්තම ෆ්රාන්සිස් පාප් වහන්සේ විසින් හෙළා දකිනු ලැබූහ.

ගැටුම්වලට මැදිවී සිටින සාමාන්‍ය වැසියන් ඉවත්කරමින් සිටි මෙම බස් රථ පෙළට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් උන්වහන්සේ සිය පාස්කු දේශනය පැවැත්වුයේ වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ය.

සෙනසුරාදා (අප්‍රේල් 15) එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයට ගොදුරුවී මිය ගිය අයගේ සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොස් ඇති බව ක්‍රියාධරයෝ පවසති.

ළමුන්

මිය ගිය අය අතර ළමුන් ද සිටින බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

තුවාල ලැබූ ළමුන් පිරිසකට ප්‍රතිකාර

අති උත්තම පාප් වහන්සේ විසින් මෙම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ "පලායමින් සිටින සරණාගතයන්ට එල්ලකළ නවතම - අධම ප්‍රහාරය" ලෙසිනි.

අලෙප්පෝ නගරයට ආසන්න, සටන්කරුවන්ගේ ග්‍රහණයේ ඇති ප්‍රදේශයක රථ පෙළ නවතා තිබියදී පුපුරන ද්‍රව්‍ය පුරවාගත් වාහනයක් පැමිණ එහි ගැටී තිබේ.

එක්සත් රාජධානිය මුලස්ථානය කරගත්, මානව හිමිකම් සඳහා වූ නිරීක්ෂක කණ්ඩායමක් කියා සිටියේ ප්‍රදේශයෙන් ඉවත්කිරීම සඳහා ගෙනයමින් සිටි යුද අනාථයන් 98 දෙනෙකු සමඟ සහන සේවකයන් සහ කැරලිකරුවන් පිරිසක් මරණයට පත්වී ඇති බවය.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවත් ඔවුහු පැවසූහ.