උ. කොරියානු මිසයිල ගුවනේදී විනාශ කෙරෙන ආරක්‍ෂක පලිහක්

මිසයිලයක ගමන්මග අවහිරකොට ගුවනේදී පුපුරවා හැරීමට මෙම ආරක්ෂක පද්ධතියට හැකියාව ලැබෙනු ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මිසයිලයක ගමන්මග අවහිරකොට ගුවනේදී පුපුරවා හැරීමට මෙම ආරක්ෂක පද්ධතියට හැකියාව ලැබෙනු ඇත

උතුරු කොරියානු මිසයිල අතරමගදී විනාශකර දැමීම සඳහා ආරක්ෂක පලිහක් සක්‍රීයකිරීමට ඇමරිකාව සහ දකුණු කොරියාව එකඟ වෙති.

උතුරු කොරියාව දෙසින් එල්ලවන මිසයිලයක ගමන්මග අවහිරකොට ගුවනේදී පුපුරවා හැරීමට මෙම ආරක්ෂක පද්ධතියට හැකියාව ලැබෙනු ඇත.

මෙවැනි ආරක්ෂක ඵලකයක් ස්ථාපනය කිරීමට විරෝධය පළකරන චීනය කියා සිටින්නේ එය තම හමුදාවට ද තර්ජනයක්වන බවය.

එක්සත් ජනපදය

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය,

මිසයිල අත්හදා බැලීමකින් අනතුරුව සතුටුවන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

කෙසේ නමුත් එය ඉක්මනින් ඉදිකෙරෙන බවට දකුණු කොරියාව නිවේදනය කළේ එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් සමඟ සෝල් නුවර දී පැවති සාකච්ඡාවලින් අනතුරුවය.

න්‍යෂ්ටික මිසයිල භාවිතයක් සිදුවුවහොත් ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට අනතුරු අඟවනු ලැබ තිබේ.

එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් කියා සිටියේ දකුණු කොරියාව වෙනුවෙන් සියයට සියයක්ම පෙනී සිටින බවය.