වියට්නාම් පොලිසියේ 32ක් ගැමියන්ගේ ප්‍රාණ ඇපයේ

පොලිස් භටයන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වන අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් සමාජ ජාලයේ

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK THAI VAN DUONG

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලිස් භටයන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වන අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් ෆේස්බුක් සමාජ ජාලයේ

රජයට විරෝධය පළකරමින් වියට්නාමයේ ගම්වැසියන් පිරිසක් විසින් පොලිස් භටයන් තිස්දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබ තිබේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් ප්‍රාදේශීය බලධාරීන් සමඟ ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙම පොලිස් නිලධාරීන් ඊයේ (අප්‍රේල් 16) ප්‍රාණ ඇපයට පත්වී තිබේ.

වියට්නාමයේ හැනොයි නුවරට නුදුරින් පිහිටි මෙම ගම් ප්‍රදේශයේ වැසියන් පවසන්නේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන විදුලි සංදේශ සමාගමක් සිය ඉඩම් නීති විරෝධී ලෙස අත්පත්කරගෙන ඒවා විකුණා දමා ඇති බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගම්වැසියන් හතර දෙනෙකු අත්අඩංගුවට

මේ පිළිබඳව ඇතිවූ විරෝධයේ දී ගම්වැසියන් හතර දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඊට විරෝධය දක්වමින් ගම්වාසීන් විසින් මෙම පොලිස් නිලධාරීන් පිරිස ප්‍රාණ ඇපයට ගනු ලැබ තිබේ.

තම ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට රජය මැදිහත්වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව එක් ක්‍රියාධරයෙක් පැවසීය.