'චිබෝක්' දැරියන් අසූ දෙදෙනෙකුට නිදහස
පැහැර ගැනුණු 'චිබොක්' දැරියන්ගෙන් පිරිසකට නිදහස
බොකෝ හරාම් ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබූ නයිජීරියානු පාසල් සිසුවියන් අතුරින් අසූ දෙදෙනෙකු නිදහස ලබා ඇති බව එරට ජනාධිපති කාර්යාලය පැවසීය.
මීට තෙවසරකට ඉහතදී ඊසාන දිග නයිජීරියාවේ චිබෝක් නගරයේ පාසල් ශිෂ්‍යාවන් දෙසීය හැත්තෑ හය දෙනෙකු පැහැර ගැනීමට ලක් විය.
අත්අඩංගුවේ සිටි බොකෝ හරාම් සැකකරුවන් පිරිසක් නිදහස් කරන බවට ඇති කර ගත් එකඟතාවක් මත සිසුවියන් නිදහස් කෙරිණි.
නිදහස ලබා ආබුජා අගනුවරට පැමිණි දැරියන් එරට ජනාධිපති මුහම්මදු බුහාරි විසින් පිළිගනු ලැබීමට නියමිතය.
චිබෝක් දැරියන් පැහැර ගැනීමට ලක් වීම ලොව පුරා අවධානයට ලක් වූ අතර සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳ විශාල ප්‍රචාරයක් ලැබිණි.
කෙසේ නමුත් දැරියන් සියයකට අධික පිරිසක් තවමත් කැරලිකරුවන් භාරයේ පසු වෙති.
ක්‍රිස්තියානි භක්තිකයන්
ඡායාරූප මූලාශ්‍රය, Twitter/ICRC_Africa
දැරියන් සමග හුවමාරු කර ගත් බොකෝ හරාම් සැකකරුවන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත.
පැහැර ගැනීමට ලක් වූ දැරියන්ගෙන් වැඩි දෙනෙකු ක්‍රිස්තියානි භක්තිකයන් වන අතර ඉස්ලාම් දහම වැළඳ ගන්නා ලෙස සහ කැරලිකරුවන් සමග විවාහ වීමට ඔවුන්ට බල කෙරිණි.
ඊසාන දිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් වසර අටක් පුරා කැරලි මෙහෙයවන බොකෝ හරාම් කණ්ඩායම විසින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් පැහැර ගනු ලැබ තිබේ.
ඔවුන් විසින් තිස් දහසකට අධික සංඛ්‍යාවක් මරා දමනු ලැබ ඇති බව පවසන නයිජීරියාවේ ආණ්ඩුව කැරලිකරුවන්ට බියෙන් ලක්ෂ ගණනක් සිය නිවෙස් හැර පළා ගොස් ඇති බව කියා සිටී.