චීනය සහ රුසියාව යුද අභ්‍යාසයක

052D වර්ගයට අයත් නවතම ප්‍රහාරක නෞකාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

052D වර්ගයට අයත් නවතම ප්‍රහාරක නෞකාව

චීනය ප්‍රථම වතාවට රුසියාව සමඟ බෝල්ටික් කලාපයේ නාවික යුද අභ්‍යාසයක් අරඹයි.

මේ සඳහා චීනය සිය යුද නෞකා තුනක් බෝල්ටික් කලාපයට යවා ඇති අතර රුසියානු නාවික හමුදාව සමඟ සතියක යුද අභ්‍යාසයක නිරත වනු ඇත.

මින් එක් යුද නෞකාවක, ප්‍රහාරක ගුවන් යානා සහ නෞකා විනාශ කළහැකි මිසයිල සවිකර ඇති අතර එය 052D වර්ගයට අයත් නවතම ප්‍රහාරක නෞකාවකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

පුතින් සහ ෂී ජින්ග් පිං

සබ්මැරීන් නාශක අධිවේගී යාත්‍රා තුනක් මෙම අභ්‍යාසයට යෙදවීමට රුසියාව තීරණය කර තිබේ. ඊට අමතරව තවත් රුසියානු යුද නෞකා කිහිපයක් සහ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් යොදවා ඇත.

2012 පටන් චීනය සහ රුසියාව අතර යුද අභ්‍යාස සිදුවී ඇති නමුත් බෝල්ටික් කලාපයේ එවැන්නක් සිදුවන්නේ ප්‍රථම වතාවට ය.

මෙම යුද අභ්‍යාසය නේටෝ සංවිධානයේ දැඩි විමසිල්ලට ලක්වී තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

බෝල්ටික් කලාපය

රුසියාව බෝල්ටික් කලාපය තුළ ප්‍රකෝපකාරී කටයුතුවල නිරතවන බවට නේටෝ බලධාරීහු චෝදනා කරති.

කෙසේ නමුත් රුසියාවේ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මෙම නාවික යුද අභ්‍යාසය ජූලි 25වැනිදා සිට 27වැනිදා දක්වා තීව්‍රවන බවය.