මාල දිවයිනේ යුද හමුදාව සහ විපක්ෂය අතර ගැටුම්

පාර්ලිමේන්තුවේ දොරටු වසා දමා තමන්ට එහි පිවිසීම අවහිර කරනු ලැබ ඇතැයි මාල දිවයින් විපක්ෂය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,

පාර්ලිමේන්තුවේ දොරටු වසා දමා තමන්ට එහි පිවිසීම අවහිර කරනු ලැබ ඇතැයි මාල දිවයින් විපක්ෂය පවසයි.

මාල දිවයින් විපක්ෂයේ දේශපාලනඥයන් සහ යුද හමුදාව අතර ගැටුම් වාර්තා වෙයි.

මාල දිවයින් පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා මෂීස් මොහොමඩ්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවක් සඳහා ඡන්දය විමසනු ලැබීමට නියමිතව පවතිද්දී ජනාධිපති අබ්දුල් යමීන්ගේ නියෝගයක් අනුව යුද හමුදාව යොදවා පාර්ලිමේන්තුව වසා දමා ඇති අතරවාරයේ එම ගැටුම් සිදුව ඇත.

පාර්ලිමේන්තුවේ දොරටු වසා දමා තමන්ට එහි පිවිසීම අවහිර කරනු ලැබ ඇතැයි මාල දිවයින් විපක්ෂය පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනාධිපති අබ්දුල් යමීන්

පාර්ලිමේන්තුවට ඇතුල් වීමට පැමිණි මන්ත්‍රීවරුන් කණ්ඩායමකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ යුද හමුදා භටයන් විසින් එම මන්ත්‍රීවරුන් කුදලා ඉවතට ගෙනයන ලද බවත් විපක්ෂ නායකයෝ පවසති.

එහෙත් පාර්ලිමේන්තුව වට කරමින් යුද හමුදාව යොදා ඇත්තේ පාකිස්තාන් අගමැතිවරයාගේ සංචාරයක් නිසායයි මාලදිවයින් ආණ්ඩුව පවසයි.

එහෙත් එහි අරමුණ ජනාධිපති අබ්දුල් යමීන්ගේ සගයකු වන කතානායකවරයා දෝශාභියෝගයෙන් බේරා ගැනීම යයි විපක්ෂය චෝදනා කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තනතුරින් නෙරපා අත්අඩංගුවට ගත් අවස්ථාව

මාල දිවයින් සමූහාණ්ඩුවේ විපක්ෂයේ ඉදිරි පෙළ නායකයන් රැසක් බන්ධනාගාර ගත කරනු ලැබ හෝ රටින් පළා ගොස් සිටිති.