අබා මිටියාවතේ ආදරය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අබා මිටියාවතේ ආදරය

  • 2017 සැප්තැම්බර් 20

මිතුරු මිතුරියන් හෝ අසල්වැසියන් ප්‍රසිද්ධියේ සිප ගැනීමට ඔබ සුදානම් ද?

බටහිර ජාතිකයන්ට මෙය සාමාන්‍ය දෙයක් වුවත් බොහෝ නැගෙනහිර ආසියාතිකයන්ට නම් මෙය අසම්මත චාරිත්‍රයක් ලෙස දැනෙන්නට හැකිය.

නමුත් චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අබා මිටියාවතේ ටිබෙට් ජාතික ගොපල්ලන්ට නම් මෙය අසම්මතයක් නොවේ.

සූ ගෙජී ගොපලු ලියකි. ඇය මිත්තණියකි. "ඔබේ මිතුරන්ටයි පවුලේ උදවියටයි ආදරය කියා පෑමේ ක්‍රමය තමයි සිප ගැනීම." ප්‍රසිද්ධියේ සිප ගැනීම ඇය දකින්නේ එලෙසිනි.

"අපේ දරුවන් සිප ගන්නේ ඔවුන්ට ඇති ආදරය නිසා. දරුවොත් ඔබට ආදරය කරන නිසා ඔවුන් දුවගෙන ඇවිත් ඔබව සිප ගන්නවා. සිප ගැනීමෙන් සංකේතවත් වෙන්නේ ඔබේ ආදරය" යනුවෙන් සූ ගෙජි මිත්තණිය පවසන්නීය.

එපමණක් නොව. අබා මිටියාවතේ ටිබෙට් ජාතිකයෝ සිප ගැනීමේ උත්සවයක් ද සමරති.

ඔවුන් පුරාණයේ රණවිරුවන් යුද්ධයට පිටත්කර හැරියේ මෙවැනි උත්සවයකින් පසුව ය. එය අදටත් චාරිත්‍රයක් වශයෙන් සැමරෙන ආකාරය ඉහත වීඩියෝවෙන් දැක්වෙයි.