සංක්‍රමණ විරෝධීන්ගෙන් ජර්මන් දේශපාලනයට අනතුරු ඇඟවීමක්

චාන්සලර්වරිය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කුඩා දේශපාලන [පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,

චාන්සලර්වරිය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කුඩා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.

ජර්මනියේ ඊයේ (සැප්තැම්බර් 24) පැවැත්වුන මහ මැතිවරණයෙන් ජයගත් චාන්සලර් ඇන්ගලා මර්කල් ප්‍රකාශයක් කරමින් සිය පක්ෂය ලබා ඇති ප්‍රතිපලයට වඩා හොඳ ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් සිටි බව පිළිගත්තාය.

පාලක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණ සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 33% කි.

තව දුරටත් කරුණු පැහැදිළි කළ චාන්සලර්වරිය 'සංක්‍රමණිකයන්ට එරෙහි විකල්ප ජර්මනියක්' වෙනුවෙන් පෙනී සිටින AfD පක්ෂයට ඡන්දය දුන් ජනතාවගේ මැසිවිලි සැලකිල්ලට ගන්නා බවත් සඳහන් කළාය.

වඩාත් සංවේදී සහ බුද්ධිමත් පිළිවෙතක් පෙරට ගෙන යන අතරවාරයේ එම ජනයාගේ සහයෝගයද දිනා ගැනීමේ උවමනාවක් තමා විසින් නායකත්වය දෙනු ලබන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට තිබුණ බව ඇය පවසන්නීය.

ඉදිරි ආණ්ඩුව පිහිටුවීම සඳහා චාන්සලර්වරිය කුඩා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත් එම සංවාදය දුෂ්කර වූවක් වන බවත් ජර්මනියෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජර්මන් මහ මැතිවරණයේ නිල ප්‍රතිපලය

ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වුන මෙම මහ මැතිවරණයේ දී පළමු වතාවට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලද සංක්‍රමණ විරෝධී AfD පක්ෂයේ නායිකා Frauke Petry ප්‍රකාශයක් කරමින් තමන් ලද විශාල ඡන්ද සංඛ්‍යාව මගින් ජර්මන් දේශපාලනයේ අසාමාන්‍ය සසල වීමක් සිදු විනැයි කියා සිටියාය.

මැතිවරණයේ දී 12.6% ක ඡන්ද ප්‍රමාණයක් ලද එම පක්ෂයට සමානුපාතික නියෝජනය අනුව එක් අසුනක් හිමි වෙයි.

AfD පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකු වන ඇලෙක්සැන්ඩර් ගව්ලන්ඩ් (Alexander Gauland) අදහස් දක්වමින්, තම පක්ෂය ඇන්ගෙලා මර්කල්ට පාඩමක් උගන්වන ලද අතර "සිය භූමිය ආපසු ලබා ගත් " බවක් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

සංක්‍රමණ විරෝධී AFD පක්ෂයේ ඉස්ලාම් විරෝධී පෝස්ටරයක්

මේ අතර සිය පරාජය භාර ගනිමින් ප්‍රකාශයක් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDP) නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) මැතිවරණ පරාජය සිය පක්ෂයට ඉතා අමිහිරි දිනයක් වූ බව සඳහන් කළේය.

සිය පක්ෂය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කරන නමුත් නැවත චාන්සලර් මර්කල් සමඟ සන්ධානයකට නොයනු ඇතැයි ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා කියා සිටියි.

සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නයත් සමඟ ජනතාව බෙදුණ බව පෙන්වා දුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDP) නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) ඒ අතරවාරයේ සංක්‍රමණ විරෝධී AfD පක්ෂය පෙරට පැමිණෙනු බලා සිටීම අසීරු කරුණක් වන බවත් සඳහන් කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මැතිවරණ ජයපැන් බොන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආධාරකරුවන්