ඇමෙරිකානු ගිනි අවි සංස්කෘතිය : මේ කරුණු දැන සිටියාද ?

  • 2017 ඔක්තෝබර් 11

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගස්හි වෙඩි තබා සමූහ ඝාතනයක් කිරීමත් සමග ගිනි අවි සන්තකයේ තබාගැනීම පිළිබඳ යළිත් ඇමෙරිකානු සමාජය තුළ ප්‍රශ්න රැසක් මතු කර ඇති අතර ම ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පාලනයක් ගෙන ආ යුතු ද යන්න පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතී.

අනෙක් රටවල් හා සැසඳීමේදී අමෙරිකා එක්සත් ජනපදයේ ගිනි අවි හිමිකාරීත්වය පිළිබඳ තත්ත්වය කෙබඳුද ?

මේ වසරේදී (2017) කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙන්නේ තමන් ගිනි අවියක හිමිකාරීත්වය දරන බව හෝ සිය නිවසේ ගිනි අවියක් ඇතැයි යන්න ඇමෙරිකානුවන්ගෙන් 40%ක් පවසන බවය. එසේම ගිනි අවියක් භාවිතයෙන් මිනීමැරීම හෝ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ අනුපාතය සැළකීමේදී සංවර්ධිත රටවල් අතරින් ඇමෙරිකාව ඉහළින් ම ඇති බවය.

වසර 2016 දී අමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනි අවි භාවිතයෙන් ඝාතනය කෙරුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,000 ට අධික වන අතර එය මිනීමැරුම් හා සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ද ඇතුළු සියලු ආකාරයේ මිනීමැරුම්වලින් තුනෙන් දෙකක් පමණ වේ.

ලොව ගිනි අවි කා සතු ද ?

ලොව පුරා සිවිල් පුද්ගලයින් අත ගැවසෙන ගිනි අවි ප්‍රමාණය කොතෙක්දැයි නිශ්චිතව දැනගැනීම අසීරු වුවද, සෑම තක්සේරුවකින් ම පෙන්වාදෙන්නේ ඇමෙරිකාව තුළ මිලියන 250ක් පමණ ඇති බවය. ස්විට්සර්ලන්තය හා ෆින්ලන්තය වැඩිම ඒක පුද්ගල ගිනි අවි සන්තකය සහිත යුරෝපා රටවල් ලෙස සැළකේ.

ඇමෙරිකාවේ ගිනි අවි භාවිත මිනීමැරීමේ ප්‍රමාණය කුමක්ද ?

1982 වසරේ සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ 90 ට අධික වෙඩි තැබීමෙන් කළ සමූහ ඝාතන ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර ඒ සැමෙකකදීම සිව් දෙනෙකු හෝ ඊට වැඩි පරිසක් මිය ගියහ. එහෙත්, සෑම වසරකදීම එවැනි වෙඩි තැබීම්වලින් සමූහ ලෙස මියගිය ගණන අදාළ වසරේ සමස්ත ඝාතන අතරින් සුලු ප්‍රතිශතයකි.

2015 වසරේදී ගිනි අවි භාවිතයෙන් කෙරුණු මිනීමැරුම්වලට වඩා ගිනි අවි භාවිත සියදිවි නසාගැනීම් ප්‍රමාණය දෙගුණයකට ආසන්නය. මෑත වසරවල සිට එම අනුපාතය ඉහළ යමින් පවතී. රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථාන මෙන්ම සියදිවි නසාගැනීම වළකාලීමේ ඇමෙරිකානු පදනමට අනුව ඇමෙරිකාවේ සියදිවි නසාගැනීම්වලින් අඩක් පමණම ගිනි අවි භාවිතයෙන් සිදුවූ ඒවාය.

කිසියම් ප්‍රාන්තයක ගිනි අවි හිමිකාරීත්වයේ ප්‍රමාණය හා පුරුෂයින් මෙන්ම කාන්තාවන්ට අදාළ ගිනි අවි භාවිත සියදිවි නසාගැනීම් අතර සබඳතාවක් ඇති බව 'American Journal of Public Health' හි ප්‍රකාශයට පත්වූ 2016 අධ්‍යයනයකින් කියැවේ.

ලාස් වේගස් ප්‍රහාරය

ලාස් වේගස් ප්‍රහාරය මෑත ඇමෙරිකානු ඉතිහාසය තුළ වාර්තාවූ එවැනි ඉතා දරුණු ම සිදුවීමය. වැඩිම පිරිසකට හානි පැමිණවූ වෙඩි තැබීම් තුනම පසුගිය වසර 10 ඇතුළත සිදුවිණි.

ඇමෙරිකානුවන්ට මරු කැඳවන ගිනි අවි වර්ග මොනවාද ?

ඕර්ලන්ඩෝ රාත්‍රී සමාජ ශාලාව මෙන්ම කනෙටිකට් හි සැන්ඩි හූක් පාසලේ වෙඩි තැබීම් වැනි ප්‍රධාන පෙළේ, සමූහයකට එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරවලදී ඒ සඳහා උපයෝගී කරගෙන තිබුනේ හමුදා මාදිලියේ ප්‍රහාරක ගිනි අවි බව ප්‍රකාශ විය. ලාස් වේගස් වෙඩි තැබීම කළ තැනදී රයිෆල් කිහිපයක් ම සොයාගත් බව පොලිසිය පවසා තිබිණි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් ප්‍රහාරක ගිනි අවි තහනම් කර තිබුණු අතර 2004 වසර දක්වා දශකයක කාලයක් පූර්ණ තහනමකට ලක්කර තිබිණි. කෙසේවෙතත්, ෆෙඩරල් විමර්ශන කාර්යාංශ (FBI) දත්ත අනුව ගිනි අවි භාවිත මිනීමැරුම් වැඩි ගණනකදී ඒ සඳහා භාවිත කොට ඇත්තේ සුළු අවිය.

ගිනි අවියක මිල කෙබඳුද ?

ඇමෙරිකාව තුළදී ගිනි අවියක් සාපේක්ෂව ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට හැකියයි දැනගැනීමට ලැබීම සාමාන්‍යයෙන් ගිනි අවි හිමිකාරීත්වය ව්‍යාප්තව නැති රට වල වෙසෙන්නන්ට විමතිය දනවන්නක් විය හැක.

ප්‍රහාරක ගිනි අවියක් ඩොලර් 1500ක් ද, සුළු අවියක් ඩොලර් 200ක් ද පමණ වූ මිලකට දැකිය හැකි වේ.

ලාස් වේගස් වෙඩි තැබීමේ ඝාතක පැඩොක් රැදී සිටි හෝටල් කාමරයෙන් සොයාගත්තේ යැයි කියන ගිනි අවි සංචිතයේ වූ සුළු අවි, එකක් ඩොලර් 200ක් (රු. 30662) තරම් අඩු මුදලකට ( උදාහරණයක් ලෙස එම මුදලට ක්‍රෝම්බුක් ලැප්ටොප් පරිගනකයක් මිලට ගත හැකිය.) ගිනි අවි අලෙවිසල්වලින් මිලදී ගත හැක.

පැඩොක් ගේ කාමරයෙන් හමුවී යයි කියන ප්‍රහාරක රයිෆල් සැලකීමේදී එවැන්නක් ඩොලර් 1500ක් (රු.229965) වැනි මුදලක් වේ.

ඔහුගේ හෝටල් කාමරයෙන් සොයාගත් ගිනි අවි 23 මෙන්ම නිවසින් සොයාගත් ගිනි අවි 19 සැලකීමේදී එම ගිනි අවි මෙන්ම ඒවාට යොදන ට්‍රයිපොඩ්, දුරදක්න, පතුරම් යනාදිය වෙනුවෙන් පැඩොක් ඩොලර් 70,000 ට (ආසන්න වශයෙන් රු.එක්කෝටි හත්ලක්ෂයකට වැඩි) වඩා වියදම් කර ඇත.

ගිනි අවි පාලනයට සහාය දෙන්නේ කවුද?

ගෙවී ගිය අවුරුදු 60 තුළදී සුළු අවි තහනම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පැවති මහජන මතය බරපතල වෙනස්කමකට භාජනය වී තිබේ. අසම්පුර්ණතා පැවතියද, කාලය ගෙවී යද්දී මේ සඳහා පැවති සහයෝගය වෙනස් වී ඇති ආකාරයක් පෙන්වන අතර ගැලප් (Gallup) ආයතනය කරන ලද ජනමත විමසුමකට අනුව සැලකිය යුතු බහුතරයක් සුළු අවි තහනමකට එරෙහි බව පෙන්වයි.

සුළු අවි තනනමකට විරුද්ධ මහජන මතය ඉහළ යන අතරේදී, 1959 වසරේ 60%ක් ව පැවති සුළු අවි තහනමට පක්ෂපාතීත්වය 2015 වසරේදී 30% වඩා පහත වැටී ඇති ආකාරය රූපසටහනෙන් දැක්වේ.

කෙසේවෙතත්, මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන පුද්ගලයින්ට හෝ "අධීක්ෂණ" ලැයිස්තුගත පුද්ගලයින්ට ගිනි අවි අලෙවිය තහනම් කිරීම වැනි ඇතැම් පාලනයක් කෙරෙහි දේශපාලන බෙදීම් නොසලකා පොදුවේ ජනතාවගේ සහාය පළවේ.

ලාස් වේගස් වෙඩි තැබීම පිළිබඳ සිය අලුත්ම අදහස් දැක්වීම තුළින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ "කාලය ගෙවී යද්දී ගිනි අවි නීති ගැන කතා කරනවා" යනුවෙනි. ගිනි අවි පාලනය ගැන විවාද කිරීමට මෙය කාලය නොවන බව ධවල මන්දිරය පැවසීය.

ගිනි අවි පාලනයට එරෙහි කවුද ?

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සියලු ආකාරයේ ගිනි අවි පාලනයට එරෙහිව හඬ නගන ජාතික රයිෆල් සංගමයේ (NRA -National Rifle Association ) තර්කය, වැඩි වශයෙන් ගිනි අවි ඇති විට රට ආරක්ෂාකාරී බවය.

ගිනි අවි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින්ට බලපෑම් කළ හැකි මට්ටමේ පිරිවැයක් හිමි ඇමෙරිකාවේ බලසම්පන්න බලපෑම් කණ්ඩායම් අතරට මෙම සංගමය ද අයත් වේ.

ඒ සඳහා බලපෑම් කිරීම වෙනුවෙන් 2000 වසරේදී ඩොලර් මිලියනයට මදක් වැඩිව තිබු ජාතික රයිෆල් සංගමයේ වැය වසර 2017 දී ඩොලර් මිලියන 3 ඉක්මවා ඇති අයුරු රූපසටහනේ පෙන්නුම් කෙරේ.

ඇමෙරිකාවේ ගිනි අවි හිමියන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුම පවසන්නේ තමන් ජාතික රයිෆල් සංගමයේ සාමාජිකයින් බවය. 'Pew Research' අධ්‍යයනයෙන් පෙන්වා දෙන පරිදි විශේෂයෙන් රිපබ්ලිකන් පක්ෂයට හිතැති ගිනි අවි හිමියන්ගේ සහාය පුළුල් වශයෙන් හිමිවේ.

බලපෑම් කිරීම සැලකීමේදී, ගිනි අවි ප්‍රතිපත්තිය වෙනුවෙන් බලපෑම් කිරීම වෙනුවෙන් ජාතික රයිෆල් සංගමය වාර්ෂිකව ඩොලර් මිලියන 3ක් නිල වශයෙන් වැය කරයි.

රූපසටහනෙන් දැක්වෙන්නේ මහජන වාර්තා පිළිබඳ සෙනෙට් කාර්යාලය (Senate Office of Public Records) ප්‍රකාශයට පත් කළ නීති සම්පාදකයින් වෙනුවෙන් කරන ලද වාර්තාගත වැය කිරීම් පමණි. ගිනි අවි පාලනයට එරෙහි අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණවලදී සහාය දැක්වීම වැනි අන් අවස්ථාවලදී ජාතික රයිෆල් සංගමය ඩොලර් මිලියන ගණන් වැය කරයි.

සබැඳි යොමු :

සබැඳි විෂයයන්

බීබීසී යෙන්