නිව් යෝර්ක් ප්‍රහාරය : අවම වශයෙන් 8 දෙනෙක් මරුට

  • 2017 ඔක්තෝබර් 31
Reuters Image copyright Reuters

නිව් යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

පසුව ව්‍යාජ ගිනි අවි ලෙලවමින් ට්‍රක් රියෙන් පිටතට පැමිණි පුද්ගලයෙකුට වෙඩි තැබු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Image copyright CBS

ප්‍රධාන පෙළේ හදිසි අවස්ථා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බැවින් අදාළ ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

නිව් යෝර්ක් නගරාධිපතිවරයා මෙන්ම ආණ්ඩුකාරවරයාද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණියහ. ඇමෙරිකානු මාධ්‍ය මෙම සිදුවීම හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රහාරයක් ලෙසිනි.

පාපැදි මංතීරුව වෙත වේගයෙන් ඇදී ආ ට්‍රක් රථයක් පුද්ගලයින් පිරිසක ගැටුණු බව සිද්ධිය ඇසින් දුටු "ඉයුජින්" නමින් හැඳින්වුණු අයෙකු ABC Channel 7 නාලිකාව සමග පැවසීය.

වෙඩි පහර නවයක් හෝ දහයක් ඇසුණු බව ද ඔහු පැවසීය.

--------------------------------------------------------------------------

නිව් යෝර්ක් වෙඩිතැබීම සිදුවූ ප්‍රදේශයේ ඔබ සිටින්නේද ? ඒ පිළිබඳ තොරතුරු ඔබ සතුව ඇත්නම් හෝ එහි අත්දැකීම ලැබූ අයෙකුනම් අප වෙත දන්වන්න.

ඔබ අවදානමකට යොමු නොවන්න.

බීබීසී සිංහල සේවය අමතන්නට ඔබ කැමතිනම් කරුණාකර ඔබේ ඇමතුම් අංකය සඳහන් කරන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk