ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අතුරුදන්වුනේ කොහොමද?

ට්‍රුම්ප්ස් page

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගිණුම අක්‍රීයවීමෙන් පසු මෙසේ දිස්විණි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ට්විටර් ගිණුම බ්‍රහස්පතින්දා (නොවැ. 02) තාවකාලිකව අතුරුදහන් වුවද එය යථා තත්ත්වයට පත් කරන ලද බව එම සමාගම පවසයි.

'@realdonaldtrump' නම්වූ, ජනාධිපති ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම එසේ අක්‍රිය කරන ලද්දේ සමාගමේ සේවකයකු වන අතර ඔහුගේ අවසන් සේවා දිනයේදී එය සිදුකර ඇති බව හෙළිවී ඇත.

ගිණුම විනාඩි 11ක පමණ කාලයක් අක්‍රියව පැවති අතර ට්විටර් සමාගම ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටී.

මේ තොරතුරුත් දැනගන්න :

මිලියන 41.7 පමණ පිරිසක් ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම හා සම්බන්ධව ඇති අතර ඔහුගේ ප්‍රකාශ නිරන්තරයෙන් අර්බුදකාරී ස්වභාවයක් උසුලයි.

ඊයේ සිදුවිම, ජනපතිවරයාගේ ගිණුමෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතු වී තිබෙන්නේ ඔහුගේ නමින් එහි ව්‍යාජ තොරතුරු පළකිරීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගැනීමෙනි

ගිණුම යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ජනපතිවරයාගේ පළමු ට්විටර් පණිවුඩය වූයේ බදු කපා හැරීම සම්බන්ධ රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරි සැලසුම පිළිබඳවය.

මේ තොරතුරුත් දැනගන්න :

වීඩියෝ ශීර්ෂ වැකිය,

ට්‍රම්ප් කතාවට පෙර පුහුණුවක