සෞදි රජ කුමාරවරුන් එකොළහක් අත්අඩංගුවේ

Image copyright AFP
Image caption ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු

අලුතින් පිහිටුවන ලද දූෂණ මැඩලීමේ ආයතනය විසින් රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලද බව සෞදි අරාබි ආරංචි මාර්ග පවසයි.

රාජකීය ආඥාවක් අනුව ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ආයතනය පිහිටුවනු ලැබීමෙන් පසුව එම අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලැබ ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කණ්ඩායමේ නම් අනාවරණය කොට නැත.

ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් මෙහෙයවමින් සිටින අතරවාරයේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු, සිය වැඩිවෙන බල පරාක්‍රමය තහවුරු කර ගැනීමට පියවර ගනිමින් ඇතැයි ආරක්ෂක තොරතුරු භාර බීබීසී වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසයි.

2009 වසරේ මුහුණ දුන් 'ජෙඩා' (Jeddah) ගංවතුර සහ 2012 රට මුහුණ දුන් 'මර්ස් '(Mers) වෛරසය පැතිරයාම පිළිබඳවත් නැවත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල් -අරබියා (Al-Arabiya) සෞදි ගුවන් විදුලිය නිවේදනය කරයි.

ආණ්ඩුව යටතේ පාලනය වෙන සෞදි අරාබි මාධ්‍ය ආයතනය (SPA) වාර්තා කරන පරිදි, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට සහ සංචාරක තහංචි පැනවීමට ද දූෂණ මැඩලීමේ නව ආයතනයට බලය ඇත.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර