මැස්සන්: "හිතුවාට වඩා විෂබීජ ගෙනයයි"

  • 2017 දෙසැම්බර් 16
සැකකළ ප්‍රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. Image copyright Ana Junqueira & Stephan Schuster
Image caption සැක කළ ප්‍රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

සැකකළ ප්‍රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබ ඇත.

ගෘහාශ්‍රිතව වෙසෙන මැස්සා සහ ඉහඳ මැස්සා එක්ව 600 කට අධික විවිධ බැක්ටීරියා ප්‍රමාණයකට රැකවරණය දෙන බව .ඩී.එන්.ඒ. විශ්ලේෂණයකින් තහවුරුවී තිබේ.

ඉන් බොහොමයක් උදර රෝගකාරක ජීවින්, ලේ විෂවීම්, නියුමෝනියාව ඇතුළු මිනිසුන්ගේ ආසාදන හා සම්බන්ධය.

මැස්සන්ට උන්ගේ පාද හා පියාපත් මගින් බැක්ටීරියා ගෙනයාහැකි බව පර්යේෂණ තුළින් පෙන්නුම්කර තිබේ. මැස්සා තබන සැම පියවරක් පාසාම බැක්ටීරියා පතුරුවා හැරිය හැකි බව පර්යේෂකයන් පවසයි.

"මිනිස්සු තුළ මතයක් තියෙනවා මැස්සන් රෝගකාරක විෂබීජ රැගෙනයන බව. නමුත් කෙතෙක් දුරට එය නිවැරදිද, කෙතෙක් දුරට පතුරවාහැරිය හැකිද යන්න ගැන කිසිම අදහසක් නැහැ." යනුවෙන් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාහි පෙන් ස්ටේට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොනල්ඩ් බ්‍රයන්ට් බිබිසී සමග පැවසීය.

Image copyright ANA JUNQUEIRA AND STEPHAN SCHUSTER
Image caption ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයකට හසුවූ ඉහඳ මස්සෙකුගේ හිස

පැතිරීම

ගෘහාශ්‍රිත මැස්සා (Musca domestica) සහ ඉහඳ මැස්සාගේ (Chrysomya megacephala) ශරීරය තුළ හා මතුපිට ක්ෂුද්‍රජීවීන් ඇති බව තහවුරු කරගැනීමට ඩී.එන්.ඒ. අනුක්‍රමික තාක්‍ෂණය භාවිත කරන ලදී.

ඒඅනුව, ලෝකය පුරා එක ලෙස පැතිර ඇති ගෘහාශ්‍රිත මැස්සා බැක්ටීරියා වර්ග 351 ක් පමණ රැස්කරන බවත්, උෂ්ණාධික පරිසරවල හමුවන ඉහඳ මැස්සා 316 ක් රැගෙන යනබව තහවුරුකරගෙන ඇත. ඒ අතරින් බොහොමයක් බැක්ටීරියා මේ දෙදෙනාම රැගෙන යයි.

මැස්සන් රෝග වාහකයන් බව උඩින් පල්ලෙන් පමණක් මහජන සෞඛ්‍ය නිලධාරීන් හදුනාගෙන ඇතිබව Scientific Reports නම් සංග්‍රහයේ තම වාර්තාව පළකරන පර්යේෂකයන්ගේ අදහසයි.

"අපි විශ්වාස කරනවා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය ගිලිහී ගොස් ඇති රෝගකාරක විෂබීජ සම්ප්‍රේෂණය කිරීමේ යාන්ත්‍රණය මෙන්ම වසංගත තත්ත්වයකින් රෝග කාරක විෂබීජ වේගයෙන් සම්ප්‍රේෂණය කිරීම සඳහා මැස්සන් දායකවිය හැකි ආකාරය මෙයින් පෙන්වා දේවි කිය " මහාචාර්යවරයා පැවසීය.

"එය, ඊළග එළිමහන් සවාරියකදී අර්තාපල් සලාදය කන්නට ප්‍රථම දෙවරක් සිතන්නට ඔබට බලකරාවි." ඔහු වැඩිදුරටත් පැවසීය.

අපද්‍රව්‍ය මත, සත්ත්ව මළමත හෝ මළ සිරුරු මත වැසීමෙන් පසු ඒ සියල්ල ආහාර මත හෙලා ඒවා විනාශ කිරීම වැනි සනීපාරක්ෂාවට හානිකර චර්යාවට ගෘහාශ්‍රිත මැස්සන් බෙහෙවින් ප්‍රචලිතය. උන් සත්ත්ව සහ ශාක රෝගකාරක රාශියක් රැගෙනයන බව සැකකෙරේ.

ඉහඳ මැස්සා සත්ත්ව මළසිරුරු මත බහුලව හමුවේ. නගරාශ්‍රිත පෙදෙස්වල බහුල ලෙස දැකිය හැකි එම මැස්සා ආහාර සදහා මාංශ සකස්කරන ස්ථාන, කසල බහාලන ස්ථාන හා සතුන් මරණ ස්ථානවල බහුල හමුවේ.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර