"ලේ තැවරුණු ඇත්දළ ළඟ තබා ගත යුතු නැහැ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ලේ තැවරුණු ඇත් දළ ළඟ තබා ගත යුතු නැහැ"

රජ සමයේ පටන් ඇතුන් වනයෙන් අල්ලාගෙන විත් හීලෑ කිරීම සහ අධිරාජ්‍යවාදීන් විසින් දළ ලබා ගැනීමේ අරමුණින් ඇතුන් මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇත් පරපුර සමස්ත අලි ගහනයෙන් 5% දක්වා අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පවසයි.

එමෙන්ම ඇත් දළ සඳහා සමාජය විසින්ම වටිනාකමක් ලබා දී ඇති බව කී ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු "ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම් ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා දයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳ අදහස් දක්වමිනි.

වැඩි විස්තර සඳහා: "යකඩ බරු දරා දෑසත් අන්ධව මිනිසුන්ට මෛත්‍රී කළ" ගල්ගමුවේ දළ පූට්ටුවා