කැලිෆෝනියා ලැව්ගිනි : ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉවත් කෙරෙති

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගිනි හමුවේ මේ වන විට පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ.
ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 500ක පමණ පිරිසක් දැඩි පරිශ්රමයක යෙදෙති.
ඉවත් කෙරෙන ප්‍රදේශවාසීන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යාමට වූයේ සැන් දියාගෝ හි උතුරු ප්‍රදේශයේ හටගත් පස්වෙනි ගින්නත් සමගිනි.
මේ වනවිට එක් මරණයක් වාර්තාවී ඇති අතර එසේ මියගිය කාන්තාවකගේ සිරුර සොයා ගනු ලැබුවේ වෙන්චුරා හි ගින්නෙන් පිළිස්සී ගිය ප්රදේශයකදීය.
එහෙත් වෙන්චුරා කවුන්ටි ස්ටාර් පුවත්පතට ප්‍රකාශයක් කළ නිලධාරියකු පවසා තිබුනේ එම මරණය ඔජායි නම් වූ නගරයේ රිය අනතුරක් හේතුවෙන් වූ දෙයක් විය හැකි අතර ගින්න ඊට හේතු විණි දැයි පැහැදිලි නැති බවය.
බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) සවස් වනවිට කැලිෆෝර්නියා ගිනි නිවීම් සේවය පැවසුවේ ගිනි ගැනීම් හේතුවෙන් ප්‍රදේශවාසීන් 189,000ක් ඉවත් කිරීමට සිදුවූ බවකි.
අලුතින් මතුවූ -ලයිලැක් ෆයර්- නමින් හැඳින්වෙන ගින්න අක්කර 2,500ක් (හෙක්ටයාර 1,000) පුරා පැතිර ගොස් ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාන්ත ගිනි නිවීම් සේවා බලධාරීහු පැවසූහ.
ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් පියවර ගත්තේය.
කැලිෆෝනියා බලධාරීන් සමග සබඳතාව පවත්වා ගැනෙන අතර අවශ්‍ය ඕනෑම සහයක් සැලසීමට සුදානම් බව ධවල මන්දිරය පැවසීය.
මේ අතර බලධාරීන් විසින් දම් පැහැ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබූ අතර ඉන් කියවෙන්නේ - ඉහළම අනතුරු ඇඟවීම- බවය.
කාන්තාර උෂ්ණත්වයෙන් රත්වී ඇදී එන ප්‍රබල සුළං ගින්න ප තුරුවා හරී.
ලොස් ඇන්ජලිස් හි කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සියල්ල බ්‍රහස්පතින්දා අවලංගු කෙරිණි.
නගරයේ බටහිර කොටසේ පිහිටි ඉවත්කරගනීම් කලාපයෙන් පිටත එහි මණ්ඩපය පිහිටා තිබුනද, "අවිනිශ්චිතතා සළකා" මෙම පියව ගත බව එම විශ්ව විද්‍යාලය පැවසීය.
ලොස් ඇන්ජලිස්හි ධනවත් පුද්ගලයින් වෙසෙන ප්‍රදේශයක් වන බෙල් එයාර් හි සුඛෝපභෝගී නිවෙස්වලින් කලා කෘති ඉවත් කිරීමෙහි ගිනි නිවන භටයින් යෙදී සිටියේ බදාදා දිනයේ ස්කර්බිල් නමින් හැඳින්වුණු ගින්න පැතිරෙද්දීය.
එම ප්‍රදේශය තුළ ප්‍රකට ගායිකා බියොන්සේ මෙන්ම ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක් නිලධාරී එලන් මස්ක් වැනි ප්‍රකට පුද්ගලයින්ගේ නිවාස පිහිටා තිබේ.
බදාදා සවස ලස් වේගස් හි පැවැත්වීමට නියමිතව තිබු සිය ප්‍රසංගය අවලංගු කළ ගායක ලයනල් රිචී කියා සිටියේ "ආරක්ෂිත ස්ථානයකට යාම සඳහා පවුලට උදව් වෙනවා" යනුවෙනි.
ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපර්ට් මර්ඩොක් ට අයත් වතු යායකට හා වයින් නිපැයුම් ස්ථානයකට ද ගින්නෙන් හානි සිදුවී තිබේ.
වසර හතරකට පෙර එම දෙපළ සඳහා ඩොලර් මිලියන 30ක් මර්ඩොක් විසින් ගෙවන ලද බව ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත පවසා තිබිණි.
අවදානම් තත්ත්වයක ඇති ගෙටී කෞතුකාගාරය බ්‍රහස්පතින්දා වසා තැබෙන බව පැවසිනි.
කලා කෘති ඉවත් කර නැති බව කී එම කෞතුකාගාරය පැවසුවේ එහි ඇති වායු පෙරහන් පද්ධතිය මගින් එම කලා කෘති දුමෙන් ආරක්ෂාව කෙරෙන බවය. ලියනාඩෝ ඩා වින්චි, වැන් ගෝ හා ටර්නර් වෙනි ප්‍රකට කලාකරුවන්ගේ නිර්මාණ එම කෘතිවලට ඇතුළත් වේ.
වෙන්චුරා ප්‍රදේශයේ හටගත් -තෝමස්- නමින් හැඳින්වෙන් ගින්න තවමත් විශාලතම ගින්න ලෙස පවතී. එය පැසිෆික් වෙරළ දක්වා පැතිර ගොස් තිබේ.
ලොස් ඇන්ජලිස් හි සිට උතුරු දෙසට වන්නට මතුවූ ක්‍රීක් ෆයර් නමින් හැඳින්වුණු ගින්න අක්කර 12,605ක් පුරා පැතිර තිබිණි.
--------------------------------------
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ අත්දැකීම් ඔබ සතුනම් ඒ පිළිබඳ දන්වන්න
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) පිවිසෙන්න: https://www.facebook.com/BBCSinhala
ඊමේල් : sinhala@bbc.co.uk
මේ තොරතුරුද දැනගන්න: