හිටපු විධායක චමත් පළිහපිටියට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි

Image copyright Getty Images
Image caption "අපි සමාජය කැබළිවලට ඉරාදමන මෙවලම් නිර්මාණය කළා"

සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් "සමාජය කැබලිවලට ඉරා දමන" බවට හිටපු විධායක නිලධාරියෙකු කළ ප්‍රකාශයට ෆේස්බුක් සමාගම විසින් ප්‍රතිචාර දක්වනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමත් පළිහපිටිය විසින් ඉහත කී අදහස පසුගිය මාසයේ දී පළ කරනු ලැබ තිබු නමුත් එය සමාජ ජාල තුළ විශාල වශයෙන් සංසරණය වූයේ පසුගිය සඳුදාය.

"අපි සමාජය කැබලිවලට ඉරා දමන මෙවලම් නිර්මාණය කර ඇතැයි," ෆේස්බුක් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වන චමත් පළිහපිටිය පවසා තිබිණි.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය, සමාජය කොටස්වලට ඉරා දමන්නේ යැයි ෆේස්බුක් සමාගමේ හිටපු විධායකවරයා පැවසුවේ නොවැම්බර් 10 වෙනි දින 'ස්ටැන්ෆොර්ඩ් ග්‍රැජුවෙට් ස්කූල් ඔෆ් බිස්නස්' හිදී (Stanford Graduate School of Business) පැවති වැඩසටහනකදීය.

"ඔබව ආකෘතියකට හිරකෙරෙමින් පවතිනවා," ඔහු අනතුරු ඇඟවීය.

Image copyright PA

බිලියන දෙකක පිරිසක් සමාගමට ආකර්ශනය කරගැනීමට කටයුතු කිරීම "අතිවිශාල වරදක්" යයි ඔහුට හැඟෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය භාවිතයේ "දැඩි වේගය අවම කිරීමක්" කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට අවවාදයක් ද කළේය.

චමත් පළිහපිටිය හුදෙකලා නොකරමින්, ෆේස්බුක් සමාගමේ පළමු සභාපති සහ එහි වානිජ වර්ධනයේ මූලික ආකෘතිය සකස් කළ ෂෝන් පාකර් (Sean Parker) ද, මෑතකදී ෆේස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කර තිබේ.

මේ තත්ත්වයත් සමග ෆේස්බුක් සමාගම අසාමාන්‍ය පියවරක් තබමින් තම ආයතනය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්ව ඇත.

ප්‍රකාශකයෙක් පැවසුවේ චමත් පළිහපිටිය වසර හයකට වඩා තම සමාගමේ සේවය නොකළ බවය.

Image copyright STANFORD GRADUATE SCHOOL OF BUSINESS

"චමත් සේවය කරනවිට අප ෆේස්බුක් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ සහ නව සමාජ මාධ්‍ය අත්දැකීමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළා. එවිට ෆේස්බුක් බොහෝ වෙනස් සමාගමක්. කාලයත් සමග වූ වර්ධනයවීම අනුව අපගේ වගකීම් වර්ධනය විය යුතු ආකාරයත් අපට වැටහුනා," යනුවෙන් සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේය.

"අපි, අපේ භූමිකාව ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගන්නවා සහ එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරනවා," යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වේ.

සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් මෙම ප්‍රකට පුද්ගලයන්ගේ හඬ නැගීම කෙසේවුවද, ෆේස්බුක් සමාගමේ ව්‍යාපාරික සැලැස්ම බලගතු ලෙස ඉදිරියට ගමන් කරමින් තිබේ.

එකල, ෆේස්බුක් සමාගමේ පරිශීලක වර්ධන අංශයේ උප සභාපතිවූ චමත් පළිහපිටිය මේ වනවිට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

Image copyright STAMFORD GRADUATE SCHOOL OF BUSINESS
Image caption චමත් පළිහපිටිය මේ වනවිට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි

ඔක්තෝබර් මාසයේ සංසරණය වූ බ්ලොග් පුවතක් උපුටා දැක්වූ පළිහපිටිය, ඇමරිකානු ජනපතිවරණයට ප්‍රථම සහ පසුව ෆෙස්බුක් ඔස්සේ මිලියන 10කට අධික පිරිසක් රුසියානු වෙළඳ දැන්වීම් දැක තිබෙන බව සඳහන් කළේය. එම බ්ලොග් සටහනට අනුව, බොහෝ දැන්වීම්වල අඩංගු වූයේ අවි පරිහරණ අයිතීන් සහ සංක්‍රමණ අයිතීන් සම්බන්ධයෙනි. ඒවා "සමාජය බෙදන" දේශපාලන සහ සමාජයීය පණිවුඩ බව ඔහුගේ අදහසය.

පළිහපිටියගේ මෙම ප්‍රකාශයට ඉතා විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

ෆේස්බුක් පිළිබඳ තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර