"රෝහින්ග්‍යාවරුන් 6,700 පමණ මියන්මාරයේදී ඝාතනය කරලා"

අවම වශයෙන් 6,700ක් පමණ රෝහින්ග්‍යා වැසියන් ඝාතනය කරඇත
Image caption අවම වශයෙන් 6,700ක් පමණ රෝහින්ග්‍යා වැසියන් ඝාතනය කරඇත

'මේඩ්සෝන් සෝන් ෆ්‍රොන්ටියර්' (MSF) සංවිධානය සිය ප්‍රකාශය නිකුත් කරනු ලැබ තිබෙන්නේ බංගලාදේශයේ සිටින සරණාගතයින් පදනම් කරගෙන කරන ලද සමීක්ෂණයක් අනුවය.

එය මියන්මාර බලධාරීන්ගේ "පැතිරුණු ප්‍රචණ්ඩත්වයේ පැහැදිලි සළකුණක්" බව ඔවුන් පැවසීය.

එම්.එස්.එෆ්. සංවිධානය වෛද්‍යවරුන්ගෙන් සමන්විත අන්තර්ජාතික මානවවාදී සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයකි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මියන්මාර හමුදා "ත්‍රස්තවාදීන්"ගේ ක්‍රියා ලෙස ඒවා හඳුන්වා දෙන අතර තමන් වරදක් කර නැති බව පවසයි.

මීට පෙරාතුව, මියන්මාර හමුදා ප්‍රකාශ කළේ 400ක් පමණවන පිරිසක් ඝාතනයට ලක්වී ඇති අතර ඉන් බහුතරය මුස්ලිම් ත්‍රස්තවාදීන් බවය.

Image copyright Reuters

පසුගිය අගෝස්තු මස සිට 647,000ක් ඉක්මවූ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බංගලාදේශයට පලාගොස් ඇති බව එම්.එස්.එෆ්. සංවිධානය පවසයි.

ඔවුන්ගේ සමීක්ෂණයට අනුව අවම වශයෙන් 9 000ක් පමණ රෝහින්ග්‍යාවරු අගෝස්තු 25 සිට සැප්තැම්බර් 24 අතර කාලය තුළ මියගොස් ඇත.

Image caption පසුගිය අගෝස්තු මාසයේ සිට 6 47 000ක් ඉක්මවූ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බංගලාදේශයට පලාගොස් ඇති බව එම්.එස්.එෆ්. සංවිධානය පවසයි

"බොහෝ මධ්‍යස්ථ ඇස්තමේන්තුවලට අනුව" අවම වශයෙන් එම මරණවලින් 6 700ක් පමණ ප්‍රචන්ඩ ක්‍රියාවලින් සිදුවී ඇති අතර, ඒ අතර වයස අවුරුදු පහට අඩු දරුවන් අවම වශයෙන් 730ක් සිටින බව එම්.එස්.එෆ්. සංවිධානය පවසයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර