වොෂින්ටන්: දුම්රියක් අධිවේගී මාර්ගයක් මතට කඩාවැටෙයි

Image copyright Trooper Brooke Bova/Washington State Patrol
Image caption වොෂිංටන් ප්‍රාන්ත මුරසේවයට අයත් භටයෙක් ට්විටර් සමාජ ජලයේ පළ කර ඇති ඡායාරූපයක්

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ප්‍රාන්තයේ දුම්රිය මැදිරි දෙකක් අධිවේගී මාර්ගයක් මතට කඩා වැටීමෙන් "මරණ කිහිපයක්" සිදු වී තිබෙන බව පොලිසිය පවසයි.

දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි දුම්රිය මාර්ගයට පහතින් පිහිටි අධිවේගී මාර්ගය මතට කඩා වැටී ඇත.

ඒ අසල සිටිමින් හදිසි සේවා නිලධාරීන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරය ඡායාරූපවල දැක්වේ.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඇම්ට්‍රැක් දුම්රිය සේවය තහවුරු කළේය.

Image copyright Washington Transporation Board
Image caption I-5 අධිවේගී මාර්ගයේ රිය ධාවනය නැවතී තිබේ
Image copyright Pierce County Sheriff's office
Image caption අධිවේගී මාර්ගය මත වැටී ඇති දුම්රිය කොටස්

අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථ ගණනාවක් දුම්රිය මැදිරිවලට යටව ඇති බව බලධාරීහු පවසති.

මෝටර් රථ තුළ ගමන්ගත් පිරිසක් ද තුවාල ලබා ඇති බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

ට්විටර් සමාජ ජාලයේ පළ කර තිබෙන ඡායාරූප:

පෝට්ලන්ඩ් සහ සියැටල් අතර ධාවනය වෙමින් තිබියදී දුම්රිය අනතුරට පත්ව ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 07.30 පමණය.

දුම්රිය අනතුරට පත් වීමට පෙර පැයට කිලෝමීටර 130 පමණ වේගයෙන් ධාවනය වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයන් 75 දෙනෙකුවත් එහි ගමන් කර තිබේ.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

සබැඳි විෂයයන්