ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස

Extreme weather Image copyright EPA
Image caption ඇමෙරිකානුවෙක් ශීතල නිසා සිරුර වසාගෙන සිටින අතර ඔස්ට්‍රේලියාවේ වැසියෙක් ගිනියමට විසඳුමක් ලෙස ජල කරාමයක පිහිට පතමින්

මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඇමරිකාවට වැටුණු 'හිම බෝම්බය'
Image copyright Getty Images

ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 6 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී තිබුණි.

Image copyright Getty Images

ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය.

Image copyright Reuters
Image caption අධික සීතල ජලය දරා ගත නොහැකිව සිටි මුහුදු කැස්බෑවෙක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇත.

Image copyright Getty Images

ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය.

Image copyright EPA

නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තත්වය :

Image copyright Reuters
Image caption පසුගිය ඉරිදා කැමරා කාචයේ සටහන් වූ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරය

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත.

Image copyright Getty Images
Image caption අළු බඳුන තරගාවලිය පැවැත්වෙන සිඩ්නි නුවර ක්‍රිකට් පිටියේ උෂ්ණත්වය 57.5C (135.5F) ක් ලෙස සටහන්විය.
Image copyright ALLSPORT/GETTY IMAGES
Image caption ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන අවසන් තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් දැඩි උණුසුම මැද
Image copyright VICTORIA POLICE
Image caption උෂ්ණත්වය දරා ගත නොහැකි වූ සතුන්: දැඩි ලෙස රත් වුණ මෝටර් රථයක සිට පොලීසිය විසින් බේරා ගත් බලු පැටියෙක්

මේ තොරතුරුද දැනගන්න:

එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක්

උෂ්ණත්වය සෘණ අංශක 50 දීත් පාසල් යන දරුවෝ

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජල තහංචියක්