කැරී ග්‍රේසි සිය තනතුර අත්හැරියාය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"බීබීසියේ ඉහළ වැටුප් ලබන මාධ්‍යවේදීන්ගෙන් තුනෙන් දෙකක්ම පුරුෂයන්"

බීබීසී යේ "විෂම වැටුප් වෙනසට" එරෙහිව එහි චීන සංස්කාරිකා කැරී ග්‍රේසි සිය තනතුර අත්හැරියාය.

හේතුව, වෘත්තීය මට්ටමින් ඇයට සමාන ශ්‍රේණියේ පිරිමි සංස්කාරකවරුන් දෙදෙනකුට වඩා අඩු වැටුපක් ඇයට ගෙවීමය.

ඉහළ වැටුප් ලබන මාධ්‍යවේදීන්ට කරන ගෙවීම් හෙළිකරන ලෙස පසුගිය ග්‍රීෂ්ම සමයේ බීබීසීයට බලපෑම් එල්ලවිය. ඒ අනුව වසරකට ඩොලර් ලක්ෂ දෙකකට වඩා වැටුප් ලබන සේවකයන් ප්‍රකාශයට පත් කෙරින. බීබීසියේ ඉහළ වැටුප් ගන්නා මාධ්‍යවේදීන්ගෙන් තුනෙන් දෙකක්ම පුරුෂයන්ය.

තම පැමිණිල්ල ඉදිරිපත් කළ විට තමාට දෙන වැටුප ඉහළ දැමීමට බීබීසිය කළ යෝජනාව ඉවත දැමූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය කියා සිටින්නීය.

"කාන්තාවන්ට එරෙහිව සැළසුම් සහගතව විෂමලෙස සැලකීමක් නොමැති බව" බීබීසී පරිපාලනය පවසයි.

සමාන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ විගණන පරීක්ෂණයක් එම ප්‍රකාශයට පදනමයි.

බීබීසී සේවයේ සහ වෙනත් රැකියාවන්හි නිරත බොහෝ කාන්තාවන්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වමින් කැරී ග්‍රේසිට සම්පූර්ණ සහාය පළ කරඇත.