ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව කාන්තා රැල්ලක්

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව කාන්තා රැල්ලක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙහි දිව්රුම් දී අවුරුද්දක් ගත වීමත් සමඟ සමස්ත එක්සත් ජනපදය පුරා කාන්තාවන් නායකත්වය ගත් විරෝධතා පෙළපාලි රැල්ලක් දියත් කෙරෙමින් පවතී.

එහි දෙවන කාන්තා පෙළපාලියට ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් සහභාගී වෙමින් සිටින බව එක්සත් ජනපද වාර්තා මගින් පැවසෙයි.

එම කාන්තා විරෝධතා ව්‍යාපාරයන්හි දැවැන්තම පෙළපාලි වාර්තා වෙන්නේ නිව්යෝර්ක්, වොෂිංටන්, චිකාගෝ සහ ලොස් ඇන්ජලීස් නගරවලිනි.

ඇමෙරිකානු කාන්තා රැලි අමතා කතා කළ කථිකයන් සිය රටේ කාන්තාවන්ට පීඩාකාරී වූ 'ට්‍රම්ප් පිළිවෙත්' දෝෂ දර්ශනයට ලක් කරමින් අදහස් පළ කළහ.

තමාට එරෙහි කාන්තා විරෝධතා රැල්ල සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් 'ට්විටර්' පණිවුඩයක් මගින් සිය ප්‍රතිචාරය පළ කර ඇත.

තම පාලනය යටතේ ලබා ඇති ආර්ථික ජයග්‍රහණ කාන්තාවන්ට ප්‍රතිලාභ සලසන බව ජනාධිපතිවරයා එම පණිවුඩය මගින් පවසයි.

එසේම වසර දහඅටක කාල සීමාවක් ඇතුළත කාන්තා සේවා වියුක්තියේ අවම ප්‍රතිශතය තම පාලන කාලය තුළ වාර්තා වී ඇති බවත් ජනාධිපති

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'ට්විටර්' පණිවුඩය මගින් කියා සිටියි.

තවත් පුවත්: