කම්කරුවන් පිරිසකට මුදල් වෙනුවට ගඩොලින් වැටුප්

China Image copyright KEREN SU/CHINA SPAN
Image caption බහුතරයකක් සංක්‍රමිකයන්ට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති

චීනයේ ගඩොල් කර්මාන්තශාලාවක සේවකයන්ට ලබා දිය යුතු යුවාන් 90,000 ආසන්න හිඟ වැටුප් ගඩොල්වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන් 80,000 වෙනුවට ගඩොල් 290,000 ක් භාරගෙන තිබෙන බව ෂින්හුවා Xinhua මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

මෙම ගැටලුවට මැදි වී සිටින සියලුම කම්කරුවන් කඳුකර ප්‍රදේශයේ සිට ගිනිකොන චීනයට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයකට "ඉටිපන්දම් එළියෙන් ආලෝකය ලබා ගැනීම සහ උණුසුම් වීමට ගිණි ගොඩක් ගැසීම" හැර වෙනත් විකල්පයක් නොමැති බව මේ අතර Jiangxi Daily පුවත්පත වාර්තා කරයි.

කම්කරුවන් තම වේතනයට සරිලන වටිනාකමක් ඇති ගඩොල් ලබා ගැනීමට එකඟ වීමත් සමග, අධිකරණයේ සහය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් මෙම ගැටලුව සමතයකට පත් කිරීමට හැකි වී තිබේ.

නමුත් තවමත් සේවක හිඟ වැටුප් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි වී ඇති අතර, කර්මාන්තශාලා හිමියන් ඉතිරි යුවාන් 10,000 ගෙවීමේ ක්‍රමයක් සොයමින් සිටින බව Xinhua පුවත් සේවය වාර්තා කරයි.

මෙම පුවත පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයක් ගොඩ නැගී තිබේ.

"ඇයි නිතරම පිටිසර සංක්‍රමික සේවකයන්ට පඩි අඩුවෙන් ගෙවන්නේ?" එක් පුද්ගලයෙකු විමසා තිබුණි. එය හාස්‍යයට ලක් ඇතැමුන් පවසා තිබුණේ ගඩොලකට මූල්‍යමය වටිනාකමක් ලැබීමට තරම් රටේ තත්ත්වය නරක අතට හැරී ඇති බවය.

විශේෂයෙන්ම පෙබරවාරි මස පැවැත්වෙන චීන අලුත් අවුරුදු දිනය ආසන්න වන විට කර්මාන්තශාලා හිමිකරුවන් සහ සංක්‍රමික කම්කරුවන් අතර ශීත සෘතුවේ දී මෙවැනි ගැටුම හටගැනීම සාමාන්‍ය තත්වයකි.

මේ තොරතුරුද දැනගන්න: