දකුණු කොරියාවේ ජනපතිවරයාට උතුරු කොරියාවේ සංචාරයකට ආරාධනා

  • 2018 පෙබරවාරි 10
Image copyright AFP/ Getty Images
Image caption දකුණු කොරියානු ජනපතිවරයාට ආරාධනයක්

සිය රටෙහි සංචාරයක යෙදෙන මෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන්ට ආරාධනා කළේය.

එවැනි නායක හමුවක් දශකයකට වඩා දිගු කාලයක් තුළ දෙරටෙහි නායකයන් හමුවන පළමු අවස්ථාව විය හැකිය.

"එය සිදුවන තැනට" උතුරු කොරියාව කටයුතු කළ යුතු බව පවසන දකුණු කොරියාවේ ජනාධිපතිවරයා, එක්සත් ජනපදය සමග සාකච්ඡා යළි ආරම්භ කරන මෙන් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළේය.

සෝල් නුවර ජනපති නිල නිවසේදී සිදු වූ ඓතිහාසික හමුවකදී සිය සොහොයුරා විසින් අතින් ලියන ලද ආරාධනා පත්‍රය ජනපති මූන් ජේ-ඉන් වෙත ලබා දෙනු ලැබුවේ උතුරු කොරියානු නායකයාගේ නැගණිය කිම් යෝ-ජොන්ග් විසිනි.

Image copyright AFP
Image caption 50 දශකයෙන් පසුව වූ ජ්‍යෙෂ්ඨතම නියෝජිත හමුව

කිම් යෝ-ජොන්ග් සහ උතුරු කොරියාවේ නාම මාත්‍රික නායක කිම් යොන්ග්-නම් ගේ මෙම චාරිකාව, දෙරට අතර 1950 දශකයේදී ඇති වූ යුද්ධයෙන් පසුව දකුණු කොරියාවට කෙරුණ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය ලෙස සැළකේ.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර