ඉම්රාන් ඛාන්ගේ තෙවැනි විවාහ තොරතුරු සමාජ මාධ්‍ය ජාලයේ

  • 2018 පෙබරවාරි 19
Image copyright PTI
Image caption ඉම්රාන් ඛාන්ගේ තෙවැනි විවාහය -මනාලිය සහමුළින්ම මුහුණ වසාගෙන සිටින්නීය

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක සහ එරට නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය වෙන දේශපාලනඥයකු වන ඉම්රාන් ඛාන් යළිත් විවාහ වීම සමාජ මාධ්‍ය ජාලය තුළ අවධානයට ලක් වෙමින් පවතින මාතෘකාවක් බවට පත්ව ඇත.

මෙය ඉම්රාන් ඛාන්ගේ තුන්වෙනි විවාහයයි.

ඉම්රාන් ඛාන් නායකත්වය දෙන පාකිස්තාන් PTI පක්ෂය නව යුවළගේ පිංතූරයක් අන්තර්ජාලයේ පළ කර ඇති අතර මනාලිය සිය මුහුණ සහමුලින්ම වේලයකින් ආවරණය කර ගනිමින් සිටිනු එහි දැක්වෙයි.

ඉම්රාන්ගේ තුන්වෙනි බිරිඳ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව හැටියට ක්‍රියාකළ බවක් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

දෙදෙනාගේ විවාහය සිදු වුණේ ඔවුන් අතර පවතින සම්බන්ධය කුමක්ද? යන්න පිළිබඳව පසුගිය කාලයෙහි මාධ්‍ය මගින් විශාල සැකයක් පළ කරනු ලැබෙමින් පවතින අතරය.

ඉම්රාන් ඛාන් මෙයින් වසර විසි තුනකට පෙර 1995 දී ජෙසීමා ගෝල්ඩ්ස්මිත් (පසුව ජෙසීමා ඛාන් ) නමැති බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූ පන්තියේ තරුණියක් සමඟ විවාහ වූ අතර එම විවාහය වසර දහයකට ආසන්න කාලයකට පමණක් සීමා විය.

එම විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිති.

Image copyright Reuters
Image caption ඉම්රාන්-ජෙමීමා විවාහය වසර දහයකට ආසන්න කාලයකට පමණක් සීමා විය.

ඉම්රාන් එම පළමු විවාහය අසාර්ථක වීමෙන් අනතුරුව රෙහම් ඛාන් (reham khan) නමැති බ්‍රිතාන්‍යවාසී පාකිස්තාන් සම්භවයක් සහිත කාන්තාවක් සමඟ දෙවැනි වරට විවාහ විය.

ඔහු තුන්වෙනි වරට විවාහ වී ඇත්තේ බුෂ්රා වට්ටු (Bushra Watto) සමඟය.

සිත් ඇදගන්නා පෙනුම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී දක්වන ලද සමත්කම් හේතුවෙන් යොවුන් ඉම්රාන් ඛාන් පාකිස්තාන් සමාජය තුළ වැඩිම ආකර්ෂණීය සහිත චරිතය බවට පත්ව තිබුණි.

1952 වසරේ පාකිස්තානයේ ලාහෝර් නගරයේ දී උපත ලද ඉම්රාන් ඛාන් දැනට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර