ඇමෙරිකාව: 'ගිනිඅවි නීති දැඩි කරන්න' තරුණ පිරිසෙන් බලපෑම්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇමෙරිකාව: 'ගිනිඅවි නීති දැඩි කරන්න' ඇමෙරිකානු බලධාරීන්ට තරුණ පිරිසෙන් බලපෑම්

පසුගියදා 17 දෙනෙකුට මරු කැඳවූ ෆ්ලොරිඩාවේ පාසලක සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පිරිස, දැඩි අවි පාලන නීති ගෙනෙන ලෙස නීති සම්පාදකයන්ට බලකර සිටීම සඳහා ප්‍රාන්ත අග නගරය වූ 'ටලහසී' (Tallahassee) බලා ගමන් ගත්හ.

සියයක් පමණවූ ශිෂ්‍යයන් 'ටලහසී' නගරයට පැමිණියේ, නීති සම්පාදක මණ්ඩලය මගින් ඉහත කී පාසල් ප්‍රහාරයේදී භාවිත කළ වර්ගයේ රයිෆල් තහනම ප්‍රතික්ෂේප කිරීමට පැය කිහිපයකට පෙරය.

'ටලහසී' මන්ත්‍රණ සභාව අසල විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිත අතර පසුව ශිෂ්‍යයෝ නීති සම්පාදකයන් හමුවීමට ද අපේක්ෂා කරති.

ආයුධ විරෝධී තරුණ පෙළක් විසින්, ප්‍රහාරයකින් අනතුරුව මෙහෙයවනු ලබන පළමු සංවිධානාත්මක විරෝධතාව මෙය ලෙස සැළකෙයි.

පසුගිය වසරේ 'ලාස් වේගාස්' හි ප්‍රසංගයකට සහභාගීවූ පිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන ලද්දේත් මෙවැනිම අවියකිනි. එම ප්‍රහාරයෙන් 58 දෙනකු මරා දැමුණි.