පාසල් දරුවාගේ කෑම පෙට්ටියේ සර්පයෙක්!

  • 2018 පෙබරවාරි 27
Image copyright Snake catchers Adelaide
Image caption සර්පයා ආහාර පෙට්ටියේ පියනේ සැඟවි සිටි ආකාරය

සිය දරුවාගේ පාසල් දිවා ආහාර පෙට්ටියේ සැඟවී සිටි විෂඝෝර සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

නොවැඩුන සර්පයා ළමයාගේ පාසල් ආහාර පෙට්ටියේ පියනක රැඳී සිටියදී මවට හසු වී ඇති බව සර්පයන් පාලනය කරන්නකු වන රොලී බරේල් (Rolly Burrell) පවසයි.

සර්ප අනතුරෙන් බේරීම සඳහා එම කාන්තාව සිය ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ එම ආහාර පෙට්ටිය වසා නිවසින් බැහැරට ගෙනයන ලෙස තමා උපදෙස් දුන් බව රොලී බරේල් වැඩි දුරටත් සඳහන් කළේය.

එම දුඹුරු පැහැති සර්පයා ලෝකයේ අතිශයින් විෂඝෝර සර්පයකු හැටියට රොලී බරේල් විසින් හඳුනා ගනු ලැබ ඇත.

පාසල් දරුවාගේ ආහාර පෙට්ටියේ සිටි සර්පයා කුඩා නමුත් එම සර්පයාගේ විෂෙහි අඩුවක් නැති බව ඔහු පෙන්වාදෙයි.

Image copyright Ashley glawe
Image caption ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ කාන්තාවකගේ කන් සිදුරේ පිඹුරු පැටියකු සිර වූ අවස්ථාවක්

සර්පයා හඳුනා ගනු ලැබීමෙන් පසු කිසිදු අනතුරකින් තොරව ඉවත් කරන ලද බවත් බරේල් පවසයි.

"සර්පයා ළමයාගේ මවගේ ඇස ගැටීම වාසනාවක්!" රොලී බරේල් බීබීසියට ප්‍රකාශ කළේය.

නිවසේ මුළුතැන්ගෙයි බඩු භාණ්ඩ අසුරා තබන අඳුරුම ස්ථානය වන කුඩා කැබිනට්ටුවකින් (pantry) සර්පයා ආහාර පෙට්ටියට ඇතුල් වෙන්නට ඇතැයි රොලී බරේල් සැක කරයි.

ඔස්ට්‍රේලියාවේ මුහුදු තීරය ඔස්සේ සහ රට අභ්‍යන්තරයේ දී මෙවැනි සර්පයන් මින්පෙර හසුව ඇත.

එවැනි සර්පයන් දෂ්ඨ කරනු ලැබීමෙන් 2000 වසරේ පටන් මේවනවිට මරණ විසි තුනක් වාර්තා වී ඇති බව ඔස්ට්‍රේලියානු මරණ පරීක්ෂක දත්ත පදනම් කර ගනිමින් පසුගිය වසරේ (2017) සිදු කරන ලද අධ්‍යනයක හෙළිදරව් විය.

Image caption ගුවන් යානයක ගමන්මළු අසුරනයක සිටියදී හමු වූ සර්පයෙක්

තවත් සර්ප කතා ;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර