ශ්‍රීදේවිට අවසන් ගෞරව දැක්වීමට දහස් ගණනක පිරිසක් රැස්වෙති

Sridevi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇයගේ දේහය රැගත් විශේෂයෙන් සරසන ලද ට්‍රක් රථය

පසුගියදා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වු ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි ගණයේ නිළියක වූ ශ්‍රීදේවිගේ දේහය දහස් ගණනක් රසිකයන් මැද අද (පෙබ. 28) දින මුම්බායි නුවරදී ආදාහනය කරන ලදී.

ශ්‍රීදේවිට අවසන් ගෞරව දැක්වීමට රෝස මල් අතැතිව දහස් ගණනක් පිරිසක් ඇයගේ දේහය තැන්පත් කර තිබූ 'සෙලිබ්‍රේෂන් ස්පෝර්ට්ස් ක්ලබ්' (Celebration Sports Club) ඉදිරිපිට පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබුණි.

දේහය රැගත් විශේෂයෙන් සරසන ලද ට්‍රක් රථය කිලෝමීටර් හතක දුරින් පිහිටි සුසාන භූමිය වෙත රැගෙන යෑමට පැය ගණනාවක් ගත වී ඇත.

ශ්‍රීදේවිගේ දේහය ආදාහනයකෙරුණේ සම්පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතවය.

ඇයගේ දේහය පසුගිය අඟහරුවාදා ඩුබායි සිට ඉන්දියාවට රැගෙන එන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

පොලිසිය මාර්ගයේ එක් පසක් වසා දැමූ අතර එම ප්‍රදේශයේ සියලුම රථ වාහන ධාවනය නැවතීය.

54 වැනි වියේ පසු වූ ශ්‍රීදේවිගේ මරණයට හේතුව "හදිසියේ දියේ ගිලී සිහි නැති වීමෙන්" යැයි පොලිසිය පවසා සිටී. ඇයගේ සිරුර ඩුබායි හි නැවතී සිටි හෝටලයේ නාන බේසම තුළ තිබී හමු විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය ධජයෙන් වැසූ ඇයගේ දේහය සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහනය කරන ලදී

ශ්‍රීදේවි දශක 5ට වඩා වැඩි කාලයක් චිත්‍රපට 300 ට පමණ සිය රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විය.

සිව් හැවිරිදි වියේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ද සිටි බව සැළකේ.

බොලිවුඩ් සිනමාවේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාවේ නළු නිළියන් විශාල පිරිසක් මුම්බායි නුවර පැවැත්වූ මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රීදේවිට අවසන් ගෞරව දැක්වීමට රෝස මල් අතැතිව පෝලිම්වල සිටින පිරිස්

කුඩා කළ සිටම ශ්‍රී දේවිගේ රසිකයෙකු වූ රංජන් නයිදු, 2012 දී තිරගත වූ ඇයගේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' චිත්‍රපටය නැරඹීමට සම්පූර්ණ සිනමාහල වෙන් කරගෙන ඇති අතර, ඔහුගේ දියණියට ශ්‍රී දේවි ලෙස නම් තබා ඇත.

තවත් රසිකාවක වන කල්පනාබෙන් කොදෙකාර් ගුජරාට් ප්‍රාන්තයේ සිට අවමංගල්‍ය උත්සවයට පැමිණ ඇත්තේ "අවසන් වරට" ශ්‍රී දේවිව දැක ගැනීමේ අරමුණිනි.

"ප්‍රසිද්ධ පුද්ගලයන් පමණක් නැතුව අපි හැමෝම ඇතුළට ගත්ත එකට මම ස්තුති කරනවා. ශ්‍රී දේවි නැති අඩුව අපිට හැමදාම දැනේවි" ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රීදේවිගේ හදිසි මරණයෙන් බොහෝ අය කම්පනයට පත් වූහ.

ශ්‍රීදේවිගේ නිවස අසල සහ ආදාහනාගාරයට යන මාර්ගයෙහි පිරිස් පාලනය සදහා පොලිසියේ විශාල පිරිසක් සේවයේ යොදවා තිබුණි.

මීට පෙර වාර්තා වී තිබුණේ ඇය ඩුබායි නගරයේ පවුලේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ හෘදයාබාධයකින් මියගිය බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:

පශ්චාත් මරණ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව තවමත් නිකුත්කර නොමැති අතර, විෂ විද්‍යාව පිළිබඳ පරීක්ෂණයේ ප්‍රතිඵල ද අවසාන වාර්තාව මගින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇය සුපිරි සිනමා නිළියක් ලෙස හඳුන්වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 300 ට වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය.

1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය.

දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 300 කට වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි.

වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ.

කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය.

ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ 'ඉංග්ලිෂ් විංග්ලිෂ්' සිනමා පටයට දායක වෙමිනි.

ඉන්දීය රජය විසින් සිවිල් පුද්ගලයෙකුට පිරිනමනු ලබන සිව්වෙනි ඉහළම සම්මානය වන පද්මශ්‍රී සම්මානයෙන් 2013 වසරේදී ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.