ආරක්ෂක ඇමතිගේ පරිගණක ජාලයට "රුසියාවෙන් හැකරු ඇවිත්"

The Federal Office for Information Security (BSI) is investigating the breach

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය ආරක්ෂක ඇමතිවරයාගේ සහ අභන්තර කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික පරිගණක ජාලවලට "හැකරු" ඇතුළුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

ෆැන්සි බෙයාර් හෙවත් APT28 නමින් හැඳින්වෙන කුප්‍රකට රුසියානු හැකරුන් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ පරිගණක ජාලවලට රහසිගතව ඇතුළු වී තිබෙන බව ජර්මනියේ ජනමාධ්‍ය වාර්තා කරයි.

2016 පැවති අමෙරිකානු ජනපතිවරණය ඇතුළු බටහිර රටවලට එල්ල කළ සයිබර් ප්‍රහාර ගණනාවකටම එම කණ්ඩායම වගකිව යුතු බව විශ්වාස කෙරේ.

ජර්මනියේ අමාත්‍යවරුන්ගේ පරිගණක ජාලවලට රහසිගතව ඇතුළු වී ඇතැයි පසුගිය දෙසැම්බරයේ මුලින්ම අනාවරණය වූ නමුත්, වසරක පමණ කාලයක් ඔවුන් එසේ රහසිගත තොරතුරු රැස් කර තිබෙන බව ඩීපීඒ පුවත් ආයතනය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Screen shot - Fancy Bears

හකරුන් කණ්ඩායම මධ්‍යම රජයේ අභ්‍යන්තර පණිවුඩ හුවමාරු ජාලය ඉලක්ක කරන ලද බව ද වාර්තා වේ.

එය "හුදෙකලා" සිදුවීමක් බව සඳහන් කළ ජර්මනියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්, මේ වනවිට එය "පාලනය කර" තිබෙන බව ද කියා සිටියේය.

කෙසේ වුවත් රුසියානු හැකරුන් කණ්ඩායමක එයට සම්බන්ධ ද යන්න පිළිබඳව කිසිවක් පැවසීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

'ෆැන්සි බෙයාර්' කණ්ඩායම 2015 දී ජර්මානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සහ චාන්සලර් අන්ගෙලා මර්කල්ගේ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් පක්ෂයට මේ හා සමාන සයිබර් ප්‍රහාර එල්ල කරන ලද බව විශ්වාස කෙරේ.

තවත් කියවන්න: