ගාන්ධි ජේසුස් වහන්සේ ගැන ලියන ලද ලිපිය ඇමෙරිකානු වෙළෙඳපොළේ

ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද? - මහත්මා ගාන්ධි Image copyright Getty Images
Image caption ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද? - මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධි විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව සඳහන් කරනමින් ලියන ලද ලිපියක් ඇමරිකාවේදී අළෙවිය සඳහා ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාවේ එවකට සිටි ආගමික ප්‍රධානී මිල්ටන් නිව්බෙරි ෆ්‍රාන්ට්ස් (Milton Newberry Frantz) වෙත ලියන ලද, 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත.

ජේසුස් වහන්සේ "මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන්ගෙන් කෙනෙක්" බව මහත්මා ගාන්ධි එහි සඳහන් කර ඇත.

පෞද්ගලික ලිපි එකතුවේ දීර්ඝ කාලයක් තිබුණු මෙම ලිපිය, පෙන්සල්වේනියාවේ පිහිටි 'රාබ් කලෙක්ෂන්' (Raab Collection) ආයතනය විසින් ඩොලර් 50,000 කට (රුපියල් ලක්ෂ 77.6 ට පමණ) විකිනීමට නියමිතය.

නිදහස් සටනේ නියමුවෙක්වූ මහත්මා ගාන්ධි, ඉන්දියානුවන් තම ජාතියේ පියාණන් ලෙස ගෞරවාදරයෙන් හඳුන්වයි. හින්දුවරයෙක් වූ මහත්මා, ආගම් සහ දර්ශනවාදයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ලිපි සම්පාදනය කර ඇත.

ක්‍රිස්ස්තියානි දහම පිළිබඳව ලියැවුන ග්‍රන්ථයක් කියවන ලෙස ඉල්ලා සිටිමින් ෆ්‍රාන්ට්ස් ලියන ලද ලිපියකට පිළිතුරු සපයමින්, මහත්මා ගාන්ධි ගුජරාට් ප්‍රාන්තයේ ඔහුගේ නිවස වූ 'සේබාමාටි' ආශ්‍රමයේ සිට ඉහත කී ලිපිය ලියා ඇත.

Image copyright RAAB COLLECTION
Image caption 1926 අප්‍රේල් 6 දිනැති ලිපිය ගාන්ධි විසින් අත්සන් කර ඇත

"හිතවත් මිත්‍රයා !, මට ඔබේ ලිපිය ලැබුනා. ඔබ විසින් එවන ලද ජීවන දර්ශනයට දායක වීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වෙමි. ශ්‍රේෂ්ඨතම පහළවීම ජේසුස් වහන්සේ බව විශ්වාස කිරීමට එමගින් බලකර සිටිනවා. මා තුල ඇති නොරිස්සුම් ස්වභාවය නිසා, මට එහි ඇති සත්‍යය වටහා ගන්නට නොහැකියි"

"ජේසුස් වහන්සේ මිනිසාගේ එක් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ය යන මගේ විශ්වාසයෙන් ඔබ්බට යන්නට මට නොහැකි වුනා. ආගමික සහජීවනය ඇතිවිය යුත්තේ යාන්ත්‍රික ඇදහීමකින් නොව අන් ඇදහීම් වලට ගරු කිරීමෙන් බව ඔබ හිතන්නෙ නැද්ද?" යනුවෙන් ද ඔහු එහි සඳහන් කර ඇත.

"ජේසුස් වහන්සේ පිළිබඳව ගාන්ධි විසින් ලියන ලද වෙනත් කිසිදු ලිපියක් මෙතක් වෙළඳ පොලට නිකුත්වී නොමැති බව සමීක්ෂණ වලින් තහවුරු වන බව" රාබ් කලෙක්ෂන් ආයතනාය් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර