පාකිස්තානයේ වාර්ෂික 'කිඹුල් උත්සවය' යළිත්
පාකිස්තානයේ වාර්ෂික 'කිඹුල් උත්සවය' යළිත්
වසර හතක් පුරා පාකිස්තානයේ නොපැවැත්වුන වාර්ෂික 'කිඹුල් උත්සවය' පසුගිය සති අන්තයේ යළිත් ආරම්භ විය.
'ශීදි මේලා' යනුවෙන් ප්‍රකට කිඹුල් උළෙල සමරනු ලබන්නේ, ආදි අප්‍රිකානුවන්ගෙන් පැවත එන්නේ යැයි විශ්වාස කෙරෙන පාකිස්තාන 'ශීදි' (Sheedi) ජන සමූහයා විසිනි.
මෙම "පූජනීය" සතුන් 'සුෆි' සාන්තුවර පිර් මැන්ග්හෝ (Pir Mangho) ගේ නැවත පහළවීම බව ඔවුහු විශ්වාස කරති.
ඔහු වෙනුවෙන් කැපවුන 'මංගූපීර්' සිද්ධස්ථානය කරච්චියේ දැනට ඇති පැරණිම සිද්ධස්ථානය ලෙස සැලකෙයි.
ආරක්ෂක හේතූන් නිසා වසර කීපයක් අවලංගු කරනු ලැබීමෙන් අනතුරුව මෙවර පැවැත්වුන උත්සවයට විශාල පිරිසක් සහභාගි වූහ.