මහේන්ද්‍ර සිං දෝනි "පද්ම විභූෂන්" ගරු නාමයෙන් පුදනු ලබයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෝනි උපහාර සම්මානය ලබා ගත්තේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතිනි.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි "පද්ම විභූෂන්" ගරු නාමයෙන් පුදනු ලැබුණි.
"පද්ම විභූෂන්"ඉන්දියාවේ ගෞරව සම්මාන නාම අතර තුන්වෙනි ස්ථානය හිමිකර ගනී.
ඉන්දියානු ක්‍රීඩා ඉතිහාසයේ නමක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා තමාට පිදුණ උපහාර සම්මානය ලබා ගත්තේ ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතිනි.
මහේන්ද්‍ර සිං දෝනි වෙත එම සම්මානය පුදන ලද්දේ ශ්‍රී ලංකාවට එරෙහිව මුම්බායි නගරයේ පැවැත්වුන ලෝක කුසලාන මහා තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීමේ හත්වෙනි සංවත්සරය උදාවීමත් සමඟය.
දෝනි සමඟ බිලියඩ් ක්‍රීඩාවේ ලෝක ශූරයා වන පන්කජ් අද්වානි ද "පද්ම විභූෂන්" සම්මානයෙන් උපහාර ලැබීය.
දෝනි සමඟ බිලියඩ් ක්‍රීඩාවේ ලෝක ශූරයා වන පන්කජ් අද්වානි ද "පද්ම විභූෂන්" සම්මානයෙන් උපහාර ලැබීය.
දිල්ලි අගනුවර "රාශ්ට්‍රපති භවන්" ජනාධිපති නිල නිවසේ පැවැත්වුන සම්මාන උළෙලට මහේන්ද්‍ර සිං දෝනි සහභාගී වුණේ තමා ගරු නිලයක් දරන ස්වේච්ඡා හමුදාවේ නිල ඇඳුමින් සැරසෙමිනි.
දෝනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇතත් එක්දින තරඟ සඳහා තවමත් සහභාගී වෙයි.
ඔහුට ගරු නාමයක් පුදදීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩකයන් සහ මැති ඇමතිවරුන්ගෙන් සිට බොහෝ දෙනා ශුභ පැතුම් පළ කරමින් ඇත.
"ලුතිනන් කර්නල් එම්.එස්.දෝනි! ලෝක කුසලානය දිනා ගනු ලැබීමට වසර හතක් පිරෙද්දී "පද්ම විභූෂන්" දිනා ගැනීම සම්බන්ධයෙන් ඔබට උණුසුම් ශුභ පැතුම්!" ක්‍රීඩක මොහොමඩ් කයිෆ් විසින් නිකුත් කරන ලද ශුභපැතුමෙන් කියැවෙයි.
"ක්‍රිකට් ක්‍රීඩා විරුවාණෙනි! රාශ්ට්‍රපති භවන්හිදී 'පද්ම විභූෂන්' සම්මානයෙන් උපහාර ලැබීම ගැන ඔබට උණුසුම් ශුභ පැතුම්! ඔබ හමුදා නිල ඇඳුමින් සැරසී සිටිනු දැකීම ආඩම්බරයක්! " රවි ශංකර් ප්‍රසාද් විසින් නිකුත් කරන ලද පණිවුඩයක සටහන් වී තිබුණි.
ආචාර්ය හර්ෂ වර්ධන් මෙසේ ලියා තිබුණි;
"බැබළෙන එසේම අති සාර්ථක ඉන්දීය ක්‍රිකට් නායකයා - ලුතිනන් කර්නල් දෝනි හමුදා නිල ඇඳුමින් පැමිණ 'පද්ම විභූෂන්' සම්මානය පිළිගනී"
ගරු සම්මානයක සතුට - බිරිඳ සහ පවුලේ ඥාතීන් සමඟ
මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ අති සාර්ථක නායකයකු ලෙස සැලකෙයි.
පරාජිත මාවතේ කිසිදාක ගමන් නොකළ දෝනි නායකයකු වශයෙන් ස්වීය වූ මාවතක් නිර්මාණය කර ගත් ක්‍රීඩකයකු විනැයි විශ්ලේෂකයෝ පවසති.
ඔහු විජයග්‍රහණය මෙන්ම පරාජය අභිමුඛයේත් ක්‍රීඩා පිටිය තුළ නොසැලුන නායකයෙකි.
ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කිසිදාක අමතක නොවන තරඟ මෙන්ම තරඟාවලීන් රැසක්ම ජයග්‍රහණය කර ඇත.
ඉන්දියාව 2011 ලෝක කුසලානය දිනාගත්, ශ්‍රී ලංකාවට එරෙහි අවසන් මහා තරඟයේ දී දෝනි එම ජයග්‍රහණය සනිටුහන් කරන ලද්දේ නොදැවී ළකුණු 91 වාර්තා කරමිනි.
2007 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට දිනා දුන් දෝනි 2013 වසරේ 'චැම්පියන්' කුසලානය ද සිය මව්බිමට දායාද කළේය.
සබැඳි පුවත්;

මහේන්ද්‍ර සිං දෝනි පිටියෙන් සමුගනී
ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය , 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.