දැඩි සීතලෙන් පීඩා විඳි මාස ගණනාවකට පසුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් 19) බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ක් දක්වා ඉහළ ගියේය.
1949 වර්ෂයෙන් පසුව අප්‍රේල් මාසයේ දිනක වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය ලෙස සඳහන් වේ.
සාමාන්‍යයෙන් එක්සත් රාජධානිය තුළ අප්‍රේල් මස උපරිම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ සෙල්සියස් අංශක 11.9 කි.
අව් රශ්මිය විඳ ගැනීමේ අරමුණින් බොහෝ බ්‍රිතාන්‍ය වැසියෝ උද්‍යාන සහ වීදි පුරා ප්‍රීතියෙන් ඇවිද යනු දක්නට ලැබුණි.
මහජනතාව පමණක් නොව, සතුන් පවා හිරු එළියේ උණුසුම විඳිනු කැමරා කාචවල මෙසේ සටහන් වී තිබිණ.
Image copyright
@CI_STYLE
Image caption
එසෙක්ස් ප්‍රදේශයේ ගෙමිදුලක තැබූ පුටුවක දිගා වී උණුසුම විඳින බළලෙක්
Image copyright
PA
Image caption
තුන් හැවිරිදි 'ජේඩන්' උද්‍යානයක වැතිරී හිඳ අයිස්ක්රීමයක රස බලමින්
Image copyright
JENNIFER PIMLOW
Image caption
හිරු රශ්මියෙන් අමන්දානන්දයට පත් 'ෆ්රෑන්ක්' නමැති බලු පැටවා
Image copyright
PA
Image caption
උණුසුම් දිනයේ උපරිම ආශ්වාදය විඳින ලන්ඩන් වැසියෝ
Image copyright
WOBURN SAFARI PARK
Image caption
බෙඩ්ෆඩ්ශයර්හි පිහිටි වෝබන් සත්වෝද්‍යානයේ වෙසෙන 'සයිබීරියන් කොටි සහෝදරයන්' දෙදෙනෙකු දැඩි උණුසුම මඟ හැරීමට සීතල ජලයට බැස සිටින ආකාරය
Image copyright
PA
Image caption
ලන්ඩනයේ ශාන්ත ජේම්ස් උද්‍යානය හරහා ඇවිද යන කාන්තාවක්
Image copyright
BCH POLICE DOGS
Image caption
'හාලි' නැමැති මෙම පොලිස් සුනඛයා දිවා ආහාරය සඳහා ඇති විවේක කාලය තුළ සිසිල් ජලය පිරි බේසමක බැස සිටිනු දක්නට ලැබුණි
Image copyright
PA
Image caption
හිරු එළියෙන් නැහැවී ගිය කේම්බ්‍රිජ් නගරයේ ඔරු පදින පිරිසක්
Image copyright
KATE BEVERIDGE
Image caption
'හැසොක්ස්' නගරයේ ජීවත් වන 'ලොකී' මාස ගණනාවකට පසු දැඩි හිරුඑළියේ උණුසුම විඳිමින් ...
Image copyright
HEATHER JAY
Image caption
හිරු උදාව 'සැල්ස්බරි' නගරයට දිස් වූයේ මෙසේය
Image copyright
PHYL CRAWLEY
Image caption
නිවස ඉදිරිපිට තබා ඇති පිළිරුව අනුකරණය කරමින් හිරුඑළියේ වැතිරී සිටින 'මොන්ටි'
Image copyright
PA
Image caption
තම සුරතලා සමග 'බ්ලැක්පූල්' මුහුදු වෙරළේ ඇවිද යන පුද්ගලයෙක්
Image copyright
@ROSIEGAMGEEWARD
Image caption
වයස අවුරුදු හයක් වන 'රෝසි ගැම්ගී' හිරුඑළියේ උණුසුම විඳිමින් ...
මේ තොරතුරුද දැනගන්න: