දිනෙන් දින ඉහළ යන බ්‍රිතාන්‍යයේ ළමා අපචාර

ළමා අපචාර Image copyright Getty Images

එක්සත් රාජධානියේ පාසල් තුළ සහ ඉන් පිටත ලිංගික හිංසනයට ලක් වන දරුවන්ගේ ගණන අවුරුදු පතා ඉහළ යන බව වාර්තා මගින් පෙන්නුම් කෙරෙයි.

ප්‍රාථමික අංශයේ ඉගනුම ලබන දරුවන් පවා ලිංගික අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බව, එවැනි සිද්ධියකට මුහුණ දුන් දරුවෙකුගේ මවක් පැවසුවාය.

තම පුතා පාසලේ තවත් කුඩා පිරිමි ළමයෙකු විසින් දූෂණයට ලක් කර ඇති බව ඇය පවසන්නීය. මෙය සිදු වී ඇත්තේ දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරන අවස්ථාවකදීය.

තම දරුවන් ප්‍රවේසම් කර ගැනීමේ වැදගත්කම සහ මෙවැනි සිද්ධියකට තවත් දරුවකු ගොදුරු නොවීමට වග බලා ගැනීමට ඇය එම සිද්ධිය මෙසේ හෙළි කර සිටියාය.

තම පුතාගේ පාසලේ පහළ ශ්‍රේණියක ඉගනුම ලබන දරුවෙක් දිනක් සාරාගේ (ඇයගේ සැබෑ නම නොව) නිවසට පැමිණියේ 'ලෙගෝ' ක්‍රීඩාවේ "විශේෂ දෙයක් කරන්න තියෙනවා" යැයි පවසිමිනි.

ක්‍රීඩාවේ යෙදීමට යැයි පවසමින් ඔහු සිය පුතා කැටුව කාමරයට ගියේය. ඉන් පසු සිය මිතුරා දොරට පුටුවක් තද කර තිර රෙදි පහතට දැමූ බව පුතා මවට පසුව පැවසුවේය.

පුතාට වඩා වයසින් බාල මෙම දරුවා ලිංගික අවයව පෙන්වා සිටින ලෙසට පුතාට බල කර ඇති අතර, ඔහුගේ කලිසම සහ යට කලිසම ගැලවීමට උත්සහ දරා තිබුණි. සෙල්ලම් කරන අවස්ථාවල දී අනෙක් පිරිමි ළමුන් තමන්ට එසේ ලිංගික අවයව පෙන්වන බව ඔහු පවසා ඇත.

මේ ආකාරයට සෙල්ලම් නොකළහොත් ඔහු පුතා සමග අමනාප වන බව දන්වා ඇත. ඔහු වෙනත් මිතුරන් සමග ද මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවත් පවසා ඇත.

පසුව ඔහු තම පුතා දූෂණය කර ඇති බව සාරා පැවසුවාය.

Image copyright Getty Images

මෙම සිද්ධිය පිළිබද දෙමාපියන්ට පැවසුවහොත් ඔහු පුතා සමග අමනාප වන බව තවදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත්, රාත්‍රියේ නින්දට යන අවස්ථාවේ පුතා මෙම සිද්ධිය සාරාට විස්තර කළේය.

මිතුරා විසින් මෙවැනි දෙයක් මින් පෙර සිදු කර තිබේදැයි සාරා ඇසුවාය. මිතුරාගේ නිවසට ගිය සෑම අවස්ථාවකදීම ඔහු අනවශ්‍ය ලිංගික යෝජනා කරමින් අපයෝජනය කිරීමට උත්සහ කළ බව පුතාගේ පිළිතුර විය.

වයස අවුරුදු අටේ පටන් අවස්ථා හතරක දී ඔහු මෙලෙස දූෂණයට ලක් වී ඇති බව සාරාට දැනගන්නට ලැබුණි.

මේ තොරතුරුද දැනගන්න:

අපි සිතනවාට වඩා ළමුන් ලිංගික ක්‍රියාකාරකම්වල බහුලව යෙදෙන බව සාරා පැවසීය. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඔහුගේ මිතුරා ලිංගික අපයෝජනයට ලක් කිරීමට තරම් ශාරීරික ශක්තියක් ඇති බව ඇය දැන සිටියේ නැත.

සිද්ධිය පිළිබද පොලිසිය සහ දේශීය ළමා ආරක්ෂණ සේවාවන් දැනුවත් කිරීමට සාරා කටයුතු කර තිබුණි.

විශේෂ පොලිස් නිලධාරියෙකු සිය පුතාට කතා කළ නමුත් අපරාධය සිදු කළ දරුවා වයස අවුරුදු දහයට අඩු නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කළ නොහැකි බව දන්වා ඇත.

මෙම නඩුව සමාජ සේවා ආයතන වෙත යොමු කිරීමෙන් පසුව අවසානයේදී සාරාගේ පුතුට වන්දියක් ප්‍රදානය කරන ලදී.

"පුතා දැන් කලින් සිටි දරුවා නෙවෙයි. පුතා නිතරම ඉන්නේ කලකිරීමෙන්," යැයි සාරා පැවසුවාය.

"ඔහු උපදේශන සේවා වට දෙකකට සහභාගී වුණා. ඔවුන් කරපු උදව්වලට මම ස්තුතිවන්ත වෙනවා. ඔහුට දැන් අලුත් මිතුරන් සිටිනවා. නමුත් ඔහුට සෑම දේම අලුතින් පටන් ගන්න සිදු වුණා."

මෙවැනි අපරාධ පිළිබද සමාජයේ විවෘතව කතා කළ යුතු අතර, කරුණු සැඟවීමට උත්සහ කිරීමෙන් තවත් දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව සාරා පෙන්වා දෙන්නීය.

තවත් තොරතුරු: