හවායි: 'කිලවෙයා' යමහල නැවතත් විදාරණය වේ

හවායි Image copyright USGS
Image caption රිච්ටර් මාපකයේ 6.9 ක් ලෙස සටහන් වූ භුමිකාම්පාවක් සමග පසුගිය සිකුරාදා (මැයි 4) 'කිලවෙයා' යමහල විදාරණය වීම ආරම්භ වුණි.

හවායිවල පිහිටි 'කිලවෙයා' (Kilauea) යමහල විදාරණය වීමෙන් නිවාස විසි හයක් විනාශ වී ඇත. ඊයේ (මැයි 6) රාත්‍රියේ සිට යමහල නැවතත් සක්‍රීය වීමෙන් තවත් සිය ගණනක් නිවාස අවදානම් තත්වයක පවතී.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පසුගිය වසරේදී කිලවෙයා යමහලින් පැයකට ලීටර් මිලියන නවයක පමණ ලාවා පැසිෆික් සයුරට ඇද හැලෙනු දක්නට ලැබිණි.
Image copyright AFP
Image caption යමහලට කිලෝමීටර 40 ක පමණ දුරින් පොළොවේ විශාල පැල්මක් ඇති වී තිබේ.

පුද්ගලයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එම අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. සුරතල් සතුන් මුදා ගැනීම සදහා සමහර පුද්ගලයන්ට නැවතත් සිය නිවෙස් කරා යෑමට අවසර ලබා දුන්නත්, එහි රැඳී සිටීම අනාරක්ෂිත බව නිලධාරීහු පවසති.

Image copyright AFP
Image caption පුද්ගලයන් 2000 කට ආසන්න ප්‍රමාණයක් මෙම අවදානම් කලාපයෙන් ඉවත් කළ අතර, පත්‍රිකාවක් පිරවීමෙන් පසු සිය සුරතල් සතුන් මුදවා ගැනීම සදහා නැවත නිවෙස් කරා යෑමට අවසර ලබා දී ඇත.

'ලයිලානි එස්ටේට්ස්' (Leilani Estates) නම් ප්‍රදේශයේ පිහිටි මෙම යමහලෙන් ඊයේ රාත්‍රියේ මීටර් හැත්තෑවක් පමණ ඉහළට ලාවා විසිර යමින් තිබුණි.

Image copyright EPA
Image caption පොළොවේ ඇති වූ පැල්මෙන් සහ වෙනත් උමං මඟවල් ඔස්සේ ලවා ගලාගෙන ගොස් නිවාස විනාශ වෙමින් පවතී.

පසුගිය සිකුරාදා හවායි දූපත්වලට බලපෑ භූමිකම්පාව රික්ටර් මාපකයේ සටහන් වී තිබුණේ 6.9 ක් ලෙසය.

Image copyright EPA
Image caption මේ වන විට නිවාස විසි හයක් විනාශ වී ඇති අතර, ඊයේ (මැයි 6) රාත්‍රියේ සිට යමහල නැවතත් සක්‍රීය වීමෙන් තවත් සිය ගණනක් නිවාස අවදානම් තත්වයක පවතී.

'බ්රෙන්ටන් අවා' නම් නිවැසියෙක් සිය අත්දැකීම් බීබීසීයට මෙසේ විස්තර කළේය.

"සුරතල් සතුන් තවමත් කූඩුවල හෝ දම්වැල්වලින් බැඳ දමා, ආහාර නොමැතිව සිටිනු දකින විට මට මහත් දුකක් දැනුණා. ඉතින් අපි ආපසු ගිහින් ඔවුන්ට කන්න යමක් දුන්නේ. මෙය ඉතා දුක්මුසු තත්වයක්"

Image copyright Getty Images
Image caption බොහෝ පිරිස් ආරක්‍ෂිත ස්ථානවලට යොමු කර ඇත.

'කිලවෙයා' ලෝකයේ වඩාත් සක්‍රීය යමහල්වලින් එකක් වන අතර වසර තිස් පහක කාලයක් ඇතුළත බොහෝ වතාවක් එය විදාරණය වී ඇත.

Image caption යමහල පිහිටා ඇති ස්ථානය
Image copyright AFP
Image caption කිලවෙයා ලෝකයේ වඩාත් සක්‍රීයම යමහල්වලින් එකක් වන අතර වසර තිස් පහක කාලයක් ඇතුළත බොහෝ වතාවක් විදාරණය වී ඇත.

මේ තොරතුරුද කියවන්න:

සබැඳි විෂයයන්