කැලිෆෝනියා: දිලිසෙන නිල් පැහැයෙන් දිස් වූ මුහුදු රළ පෙළ

පසුගිය සතියේ කැලිෆෝනියා, සැන් ඩියෙගෝ වෙරළේ දිලිසෙන නිල් පැහැති රළ පෙළක් නිරීක්ෂණය වීමත් සමග බොහෝ පිරිස් එය නැරඹීමට පැමිණියහ.

ජලයේ වැඩෙන 'ඇල්ගී' (හරිතප්‍රද සහිත ශාක) වර්ගයක් නිසා රාත්‍රියේ දී ඉතා දිලිසෙන නියොන් නිල් පැහැති රළ පෙළක් වෙරළ තීරයට දිස් වේ. නමුත් පාවෙමින් තිබෙන මෙම ජලජ ශාක නිසා දහවල් කාලයේ දී මුහුද රතු පැහැයෙන් දැකගත හැකිය.

ලෝකයේ මෙවැනි සිද්ධීන් විරල නොවුව ද, සැන් ඩියෙගෝ වෙරළේ අවසන් වරට නිල් රළ පෙළක් දැක ගැනීමට හැකි වූයේ 2013 වර්ෂයේදීය.

මෙම දර්ශනය නරඹන සෑම වාරයක් පාසා එහි ඇති සුන්දරත්වය අත්විඳිය හැකිය.

Image copyright ERIK JEPSEN
Image caption වෙරළට පැමිණි නියොන් නිල් පැහැති රළ පෙළ ඉතා අලංකාර දර්ශනයක් නිර්මාණය කර ඇත
Image copyright JACK FUSCO PHOTOGRAPHY
Image caption "මේ වගේ දෙයක් දකින්න ලැබීම ඉතා සතුටට කාරණයක් වුණත් ඉතා පුදුම සහගත ලෙස එම අවස්ථාව මඟ හැරෙන්න පුළුවන්" යැයි ඡායාරූපශිල්පී ජැක් ෆුස්කෝ පැවසීය.
Image copyright BRYNDAN BEDEL
Image caption ඈතින් පෙනෙන නගරයේ පහන් එළිය අතරින් ඇදෙන නිල් පැහැති රළ පෙළ
Image copyright ANTONELLA WILBY
Image caption වෙරළ තීරයට දිස් වුණ මෙම ගුප්ත රළ පෙළ ඡායාරූපගත කර ඇත්තේ ආචාර්ය උපාධිය සදහා සූදානම් වන අන්තොනෙල්ලා විල්බි
Image copyright JACK FUSCO PHOTOGRAPHY
Image caption ජැක් ෆුස්කෝ වෙරළ තීරයෙන් ඉහළ සිට මෙම ඡායාරූපය ගෙන ඇත. "ඔබේ ඇස් මෙයට පුරුදු වූවාට පසු, විවිධ නිල් පැහැයන් පෙනෙන්න පටන් ගන්නවා. එය ඔබ මෝහනයට පත් කරනවා," ඔහු පැවසීය
Image copyright ANTONELLA WILBY
Image caption අන්තොනෙල්ලාගේ කැමරාවේ සටහන් වූ තවත් දසුනක්
Image copyright JACK FUSCO PHOTOGRAPHY
Image caption සැන් ඩියෙගෝ වෙරළ එළිය කරන්නේ 'ඇල්ගී' පමණක් නොවේ. නිල් පැහැති රළ නැරඹීමට පැමිණි පිරිස නිසා වෙරළ තීරය මෙසේ දිස් විය. මෙම ඡායාරූපය ගත්තේ ජැක් ෆුස්කෝ

මේ තොරතුරුද කියවන්න: