රාජකීය මංගල්‍යයට සැරසෙන බ්‍රිතාන්‍යයේ සුන්දර 'වින්ඩ්සර්' නගරය

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් හෙට (මැයි 19) දින විවාපත්වීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත රාජකීය මංගල උත්සවයේ පෙරහුරුවක් ඊයේ (මැයි 17) වින්ඩ්සර් නගරයේ දී දක්නට ලැබිණි.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂයකට ආසන්න පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට 'බර්ක්ශයර්' ප්‍රදේශයට පැමිණ සිටිති.

Image copyright Getty Images
Image caption 250 කට අධික හමුදා නිලධාරීන් පිරිසක් රාජකීය මංගල උත්සවයේ පෙරහුරුව සදහා සහභාගි වූහ
Image copyright Reuters
Image caption වින්ඩ්සර් මාලිගය ඉදිරිපිට
Image copyright AFP/Getty Images
Image caption වින්ඩ්සර් මාලිගාවේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන ආගමික කටයුතුවලින් පසුව රාජකීය යුවල 'ඇස්කොට් ලැන්ඩො' වර්ගයේ අශ්ව කරත්තයක නැගී මිනිත්තු 25ක් පමණ නගරය හරහා චාරිකා කිරීමට නියමිතය
Image copyright AFP/Getty Images
Image caption මෙය සම්පූර්ණ උත්සවයේ පෙරහුරුවකි. අශ්වාරෝහකයන් තාවකාලික රූපවාහිනී මැදිරි පසු කරගෙන යන අවස්ථාවක් මෙම ඡායාරූපයේ දැක්වේ.
Image copyright Reuters
Image caption ලෝකයේ නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීන් මංගල උත්සවය ඉතා හොඳින් දර්ශනය වන ස්ථානයක සිට
Image copyright AFP/Getty Images
Image caption සිය අවන්හලේ එක් පසක හැරී කුමරුගේ නම පින්තාරු කරන පුද්ගලයෙක්
Image copyright AFP/Getty Images
Image caption වින්ඩ්සර් නගරය පුරා ඇති ගොඩනැගිලිවල බ්‍රිතාන්‍ය ධජය ප්‍රදර්ශනය කර ඇත
Image copyright AFP/Getty Images
Image caption නගරයේ උත්සව සූදානම අතරින් පාසලට යද්දී ඡායාරූපයකට පෙනී සිටීමට මේ පොඩිත්තා අමතක කළේ නැත.
Image copyright AFP
Image caption එංගලන්තය සහ වේල්සයේ පිහිටි සියලුම තැබෑරුම්, අවන්හල් රාජකීය විවාහ උත්සවය පැවැත්වෙන දින අලුයම 1.00 දක්වා විවෘත කර තැබීමට හැකි අතර, ඉන්පසු විවෘත කළ යුත්තේ යුවල විවාහ වුවායින් පසුවය
Image copyright PA
Image caption සියලු දෙනාටම මංගල උත්සවය නැරඹීමට පහසු වන සේ නගරය වටා රූපවාහිනී තිර සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් ඇත
Image copyright EPA
Image caption රාජකීය යුවලේ ඡායාරූප ඇතුළත් කළ නොයෙකුත් භාණ්ඩ වෙළෙඳසල් පුරා දැකිය හැකිය
Image copyright Reuters
Image caption යුවල ගමන් කිරීමට නියමිත මාර්ගය දෙපස බ්‍රිතාන්‍ය ධජය අතැතිව සිටින පාසල් සිසුන්
Image copyright Reuters
Image caption මේගන් මාකල් සහ හැරී කුමරුගේ ඉටි රූප වින්ඩ්සර් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත
Image copyright EPA
Image caption නගරවැසියන් සහ බලධාරීන් වින්ඩ්සර්හි සෑම ස්ථානයක්ම උත්සවය වෙනුවෙන් සැරසීමට කටයුතු කර ඇත
Image copyright EPA
Image caption වින්ඩ්සර් නගරයේ සෑම ස්ථානයකම රාජකීය යුවලේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත
Image copyright EPA
Image caption සතියක කාලයක පටන් වින්ඩ්සර් මාලිගාව අවට පොලිස් ආරක්ෂාව යොදා ඇත
Image copyright Getty Images
Image caption වින්ඩ්සර් නගරයේ ප්‍රධාන වීදිය මෙසේ සරසා තිබුණි
Image copyright AFP/Getty Images
Image caption යුවල ගමන් කිරීමට නියමිත මාර්ගයේ පොලිස් බාධක යොදා ආරක්ෂාව තර කර ඇත
Image copyright Reuters
Image caption පෙරහුරුව පැවැත්වෙන අවස්ථාව සිය ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරන කාන්තාවන් දෙදෙනෙක්
Image copyright Reuters
Image caption උත්සව සුදානම අතරේ වින්ඩ්සර් නගරයේ රථ ගාල් කිරීමේ නීති කඩ කළ රියදුරකුගේ වාහනය ඉවත්කෙරෙන අයුරු

මේ තොරතුරුද කියවන්න: