බැතිමතුන් "සුවපත් කරන" ඉන්දියාවේ "වැළඳගන්නා ශාන්තුවරිය"

Amma Mata

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඇමරිකාවේ රැප් සංගීතඥයකු වන කන්යේ වෙස්ට් (Kanye West) පළ කළ ට්විටර් පණිවිඩයක් හේතුවෙන් ඉන්දියාවේ "වැළඳගන්නා ශාන්තුවරිය" නැවතත් සංවාදයක් මතු වී තිබේ.

"සමහරවිට අපි හැමෝටම අවශ්‍ය වැළඳ ගැනීමක්" යනුවෙන් කන්යේ වෙස්ට් එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබුණි. "අම්මා මාතා" ලෙස හැඳින්වෙන ඇය මිලියන 32කට අධික වතාවක් වැළඳගැනීම් සිදු කර ඇති බව එහි තවදුරටත් සඳහන් විය.

"අම්මාගේ" වැළඳගැනීම් මෙතරම් ප්‍රසිද්ධ වන්නේ එහි "සුවපත් කිරීමේ බලයක්" ඇතැයි බොහෝ දෙනා විශ්වාස කිරීම හේතුවෙනි. ඇය රැප් සංගීතඥයා ද වැළඳගත්තේ දැයි පැහැදිලි නැත.

ලොව වටා දහස් ගණනක් දෙනා ඇය වන්දනාමාන කරන අතර, ඇය වැළඳගැනීම පිණිස ඔවුහු පැය ගණන් පෝලිම්වල රැඳී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලොව වටා දහස් ගණනක් පිරිස් ඇය වන්දනාමාන කරති

"අම්මා" නමින් හැඳින්වෙන ශ්‍රී මාතා අමිර්තනන්දමයි දේවි 1953 වර්ෂයේ කේරළ ප්‍රාන්තයේ උපත ලබා ඇත.

"මේ මගින් සාමය, ආදරය සහ කරුණාව ගැන මම ලෝකයට පණිවිඩයක් දෙනවා. මේවා විශ්වීය දේවල්, හරියට මී පැණි වගේ. මී පැණි රැගෙන කොහේ ගියත් එහි පැණි රස නැති වෙන්නේ නැහැ," 2012 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ වැළඳ ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඇය බීබීසී වෙත පැවසීය.

ඇය ශ්‍රී ලංකාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය ඇතුළු රටවල් ගණනාවක සිටින මිලියන ගණනක් දෙනා වැළඳගෙන ඇති අතර, එම වැළඳගැනීමේ මෙහෙයුම් සඳහා පැය ගණනාවක් ගත වී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

මැලේසියාවේ පෙනැන්ග් නගරයෙදී ඇය විවේකයක් නොගෙන පැය විස්සක් ඇතුළත හතළිස්‌ දහසකට වැඩි පිරිසක් වැළඳගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

පැරිස් නුවර පැවති වැළඳගැනීමේ මෙහෙයුමක දී

"විශ්ව ශක්තියට සදාකල් සම්බන්ධ වී සිටින නිසා," ඇයට මෙම බලය ලැබෙන බව නිතර පවසා සිටින්නීය.

ඇය වැළඳගත් පුද්ගලයන් පැවසුවේ "අති මහත් ආදරයක්" ඇය තුළින් නිකුත්වන බවය. ඒ ගැන පවසන විට සමහර පුද්ගලයන්ගේ දෑස්වල කඳුළු දැකිය හැකි විය.

"මගේ හදවත විවර වුණා වගේ දැනුණා. සමහර මතකයන් මගෙන් සෙමෙන් ඈත් වී ගියා," ඇමරිකාවේ වාසය කරන ඇයගේ අනුගාමිකයෙක් 2003දී බීබීසී වෙත පැවසුවේය.

තවත් තොරතුරු: