පරිගණක සහ රූපවාහිනී: ඕනෑවට වඩා තිර දෙස බලා සිටීමෙන් 'මරණය ඉක්මන් වේවි'

Technology Image copyright Getty Images

ඕනෑවට වඩා පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද එම අධ්‍යයනයේදී එම පිරිස විවේක කාලයේ දී කෙතරම් වේලාවක් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලදි.

රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති.

විවේක කාලය තුළ එක ස්ථානයක සිට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති අතර, එය පුද්ගලයෙකුගේ මරණය ඉක්මන් කිරීමට ද හේතු විය හැකිය.

"අපේ අධ්‍යයනය අනුව ශාරීරික අභ්‍යාසවල ඉතා අඩුවෙන් නියැලෙන පුද්ගලයන් සහ අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීමේ දැඩි අවදානමක් තිබෙනවා. නමුත් මෙම අවදානම හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ," යනුවෙන් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය ජේසන් ගිල් පැවසීය.

මේ තොරුතුරුද දැනගන්න:

'සෞඛ්‍ය ගැන සිතන්න'

වැඩි කාලයක් තිර දෙස බලා සිටීම "මරණය ඉක්මන් වීමට" හේතුවක් වන අතර හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් ඇති කරයි.

ශාරීරික අභ්‍යාස, ශක්තිය, දුම්පානය, ආහාර රටාව, සමාජීය සහ ආර්ථික තත්වය ඇතුළු වෙනත් සමාන කරුණුවලින් ස්වාධීනව මෙම අධ්‍යයනය පවත්වා තිබේ.

සිය අධ්‍යයනය පිළිබඳ තොරතුරු පර්යේෂකයන් විසින් 'බීඑම්සී මෙඩිසින්' (BMC Medicine) සඟරාවේ පළ කර තිබේ.

තවත් තොරතුරු: