බෙල්ජියමේ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙක් මරුට

Image copyright EPA

නැගෙනහිර බෙල්ජියමේ Liège නගරයේදී තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ අසළ සිටි පුද්ගලයෙක් මරුමුවට පත්විය.

ඉන් අනතුරුව පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමට ප්‍රථම තුවක්කුකරු විසින් පාසලක පිරිසිදු කරන කාන්තාවක් ප්‍රාණ ඇපයට ගනු ලැබිය. ප්‍රහාරයේදී තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

ප්‍රහාරකයාගේ අරමුණ තවමත් අපහැදිළි වුවත් පොලිසිය එය සලකන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසිනි.

තුවක්කුකරු "දෙවියන් ශ්‍රේෂ්ඨයි" (අල්ලාහු අක්බාර්) යනුවෙන් කෑගසූ බව පොලිස් ප්‍රකාශයක් උපුටා දක්වමින් බෙල්ජියමේ මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගතව සිටි තුවක්කුකරු සඳුදා තාවකාලිකව සිර භාරයෙන් නිදහස්වූවෙක් බව RTBF මාධ්‍ය ආයතනය පවසයි.

සිදුවූයේ කුමක්ද?

අඟහරුවාදා උදෑසන වෙඩි තැබීම සිදුවූයේ Liège නගර මධ්‍යයේය.

ප්‍රහාරකයා පොලිස් අවිය පැහැරගෙන වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම, පොලිස් නිලධාරීන් හඹා විත් පිහියකින් ප්‍රහාර එල්ලකළ බවත් අභිචෝදකයෝ පවසති.

පසුව තුවක්කුකරු ඒ අසල පිහිටි පාසලක් වෙත පළාගියේය.

Image copyright EPA

වෙඩි ප්‍රහාර එල්ලවීම හේතුවෙන් මහජනතාව ආරක්ෂාව පිණිස සීසීකඩ දිවයන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැර තිබේ. පාසලේ සිටි දරුවන් ආරක්ෂා සහිත ස්ථානයකට යොමුකරන ලදී.

සබැඳි පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර